Wednesday, October 7, 2009

මා නෙත් කැදැල්ලේ

මා නෙත් කැදැල්ලේ
සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ
හද පුරා සැනසිලා

ආයෙත් ඉගිල්ලී
පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා

බඹර තුඩු ගා නැතී
කුමුදු මලකින් පෙතී
ගෙනෙමි දුර ඈත විලකින් බලා
ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නාදල්ලෙනී
සුවඳ උලා

අරුණ පිනි බිංදුවයි
පියුමෙ මකරන්දයයි
පොවමි මේකුළක කලතා නිවා
ඉන් මතු කිසිදාක යන්නෙහිද හද රන් ලෙනේ
පහන නිවා

මිල්ටන් මල්ලවාරච්චි
කරුණාරත්න අබේසේකර
?????
ගීතය අසා රස විඳින්න

2 comments:

  1. "ශ්‍රී සම්බුද්ධ රාජා වදිම්" ගීතය පද රචකයාගේ නම ද සමග පළ කරන්නේ නම් ඉතා අගය කොට සලකමි.ස්තූතියි.

    ReplyDelete
  2. ඔබේ උත්සාහය අගය කරමි. ඔබේ දැන ගැනීම සඳහා මවිසින්
    පවත්වා ගෙන යන 'ලංකා ගී පොත' (www.LankaSongBook.com)
    වෙබ් අඩවිය වෙත ඔබ රැගෙන යාමට කැමැත්තෙමි. ඔබ කැමති
    ගී බොහොමයක් මගේ එකතුවේ ඇති බව දකිමි.

    ReplyDelete