Friday, December 25, 2009

කිරි අම්මාවරු දනට වඩිනවා

කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නො අසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා

නෙත නිදි වරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විඳලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇඟ ලේ කිරි කර නැත පොවලා

නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහි කර කිරි මව වීලා

චන්ද්‍රලේඛා පෙරේරා
?????
????? 
ගීතය අසා රස විඳින්න


4 comments:

  1. මම ගායිකාවක් ගෙන් අහපු නියමම සින්දුව.
    ඒ මොකද කියනව නම් කටහඩට නියෙමට යන සින්දුවක්.
    චන්ද්‍රලේඛා පෙරේරා කටහඩ නම් මෙවගේ සින්දුවලට නියෙමෙට යනවා

    ReplyDelete
  2. හෙක්ටර් විජෙසිරි පබැඳුම.. තනුව රෝහණ සර් ගෙ වෙන්න ඕනෙ..වන සිවුපාවුන් ගීතය, රේඛා නාට්යයේ ගීත, කරපු දවස් වල මේක කලේ මම හිතන්නෙ

    ReplyDelete
  3. magea priyathama gee pokurea ekak
    meaka gAna vichaarayak liyanna innea...


    http://bingunada.blogspot.com/2009/12/blog-post_08.html

    /binnguwaa...!

    ReplyDelete
  4. මගේ ප්‍රියතම ගී පොකුරේ එකක්
    මේක ගැන විචාරයක් ලියන්න ඉන්නේ...

    http://bingunada.blogspot.com/2009/12/blog-post_08.html

    /බිඟුවා...!

    ReplyDelete