Sunday, May 31, 2009

දෙවැනි බුදුන් ලෙස

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
අම්මා අම්මා අම්මා අම්මා

දෙසවන් සනහා මා නැළවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියාදුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා

සුනිල් එදිරිසිංහ
සුනිල් ආරියරත්න
රෝහණ වීරසිංහ 

 ගීතය අසා රස විඳින්න 
 

කඩුපුල් මල් පිපිලා (කඩුපුල් මලේ ගීතය)

කඩුපුල් මල් පිපිලා
රෑ සඳ ගලන නිම්නයේ
නුඹලා තාම නිදිද
නුඹලා තාම නිදිද
නැගිටින් පැණි කුරුල්ලනේ

නිල් තරු එලිය නිවේ
මිහිදුම් සිහින මන්දිරේ
මත් බමරුන් නින්දේ
පිපි කේතකී මණ්ඩපේ
මගෙ නම කියනු කවුද
මගෙ නම කියනු කවුද
ඇහුණා හීනයෙන් වගේ

කඳු යායෙනුත් එපිට
රෑ සඳ නෑ ගමන් ගියේ
මට නුහුරුයි මේ රෑ
තනි වුණු මධුර වසන්තේ
අරුණළු අරන් එන්න
අරුණළු අරන් එන්න
දැන් දැන් ළහිරු කුමරුනේ

තුෂාරා ගිම්හානි අමරසිංහ
රත්න ශ්‍රී විජේසිංහ
රෝහණ වීරසිංහ

 

සඳ හාදු දිදී (පැණි කුරුල්ලාගේ ගීතය)

සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ
නිල් තාරුකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ
නුඹ තාම නිදිද නුඹ තාම නිදිද
කඩුපුල් මල් දේවතාවියේ

මල් මාලතී ලතා මඩුල්ල නෙතු පියා හිඳී
මුදු මල් ගැබේ යහන් තුරුල්ල භෘංගයන්ට දී
කට කොනින්වත් හිනා නොවීම දේවතා නිදී

විල් තලේ රිදී රැල් නැගේවි රංගනේ යෙදී
මුදු මන්දහාස දී පිපේවි සොඳුරු කෞමදී
මට තනියි මගේ හිත පාළුයි නුඹ තවම නිදී

චන්දන ලියනාරච්චි
රත්න ශ්‍රී විජේසිංහ
රෝහණ වීරසිංහ
 
 ගීතය අසා රස විඳින්න
 

Saturday, May 30, 2009

වන්නි වනපෙතේ

වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන
වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්

කන්ට බෑ කියා තනිවම එන්ට යැයි කියා ගමටම
බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පල දී
බින්න බැස හිඳී නගරය අසල දූ පුතුන්

කල්පකාලයක් පරපුර දුන්නු දන් ඇතත් හිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම බුදිති බෝ දුකින්

සුනිල් එදිරිසිංහ
බණ්ඩාර ඇහැළියගොඩ
රෝහණ වීරසිංහ
 
 ගීතය අසා රස විඳින්න
 


පැහැසර ඔබෙ ආදරේ

මන්දාරම් වැහිපොද හිරිකඩ
මගෙ සියොළඟ රන්දාලා
උන් අප ආ ගිය මග වග තොට
මතක අගුළු හැර දාලා
වාවන්නට බැරි තැන දුක් කඳ
දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙ ගලා ගිය උණු කඳුලැලි
වියලි දෙතොල් මත වැටුණා

පැහැසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ

මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු
සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහ නගන’යුරු
මට කියා දී යන්න
උමතුව හඳ විලාප දෙන
හඬ අහගෙන ඉන්න
බිඳකට ඇවිදින් මගෙ ලය
මත ඔය සවන තියන්න

සෙන්ටිග්‍රේඩ්ස්
?????
????? 


මිරිවැඩි සඟලක්

මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පායුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා

මාවත කටු අතු බොරළු මතක නැත
දෙපා රැඳුණු විට බුමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ
මැදුරේ දෙසවන් අගුළු වැටේ

සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ
රස මසවුළු වල සුවඳ පිරේ
ඒ රස සුවඳට දෑස අයාගෙන
බත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ

නන්දා මාලිනී
සුනිල් ආරියරත්න
නන්දා මාලිනී

 ගීතය අසා රස විඳින්න
 

Monday, May 25, 2009

පිළිගන්න මම ඡන්න ඇමතී වෙමී

පිළිගන්න මම ඡන්න ඇමතී වෙමී
මා එක්ක ගියෙ ඊයෙ සිදුහත් හිමී

පණ වාගේ රජ දේවි හඬවා තියා
හිතුවාද හොර රහසෙ යාවී කියා
නොබලාම අර පුංචි කුමරා දිහා
කුමරා දිහා

අසු ගංගා තීරේදි හැපිලා මළා
රජ ගෙයම අමු සොහොන වාගේ වෙලා
පිළිගන්න බෑ ගෑණු කියනා කතා
කියනා කතා

එච්. ආර්. ජෝතිපාල
?????
?????
 
 ගීතය අසා රස විඳින්න
 

බැරි වී ගිය ඔබෙ සිඟිති ලේන්සුව

බැරි වී ගිය ඔබෙ සිඟිති ලේන්සුව
තවමත් සුරැකිව මා ළඟමයි
ඔබගේ දෙනෙතින් ගලාන ගිය ඒ
කඳුලත් සුවඳත් තව එහෙමයි

අවසන් දවසේ අවසන් පැය තුළ
කොතරම් ලතැවුල් වින්දා දෝ
අපිට පුරුදු ඒ පුංචි කාමරේ
එතරම් සෙනෙහස තිබුණාදෝ

සමුගෙන යන දා දහසක් දේ අපෙ
දෙ සිතේ ගොළු වී හැඬුවා දෝ
ඔබගෙ සුවඳ රැඳි සිඟිති ලේන්සුව
විතරක් මා ළඟ තනි වේ දෝ

කිංස්ලි පිරිස්
?????
????? 
 ගීතය අසා රස විඳින්න
 

පුර හඳ ළඟින්ම

පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා

මාල මල් ලතා මාලතියක ලියා එවා
දෑල සිත් විලේ සසැලි රැළි සරැළි නගා
ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා

ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
පින්න පිණි වැටී පුර හඳ බොඳ වෙලා ගියා
ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය කෝ කොහිද ගියා

මංගලිකා තෙන්නකෝන්
දේවිකා ජයසුන්දර
?????
 

 ගීතය අසා රසවිඳින්න 
 

සිනා තොටක් විය

සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්
මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන්
නො හඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම්
දුටුව නිසා ආදරයේ දෙව්‍ රුව ඔබගෙන් මම්

බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහි සිටියා දැයි මලවී
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පර වී
නො පිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී

මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එය සැපකී
ඔබට ළංව දුක බෙදා ගන්න බැරි කම දුකකී
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමු වීමත් වාවනු නොහැකී

නිරෝෂා විරාජිනී
බන්ධුල නානායක්කාරවසම්
රෝහණ වීරසිංහ
 
 ගීතය අසා රස විඳින්න
 

කලා වැවෙන් ගත්

කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට බෝ කොලයක් සේ
අගී අගී ඔබ මටමැ අගී

කැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පදරුත් පසිඳමි

සමනළ සිරසින් විහිදුනු බුදු රැස්
සියැසින් දැක ගත් මෙහෙණක මෙන්
පරමානන්දය ලබමින් ඔබ ළඟ
සගමොක් සැපතෙහි අම රස වළඳමි

නන්දා මාලිනී
සුනිල් ආරියරත්න
ස්ටැන්ලි පීරිස්
 
 ගීතය අසා රස විඳින්න
 

සිංහල ඉතිහාස පොතේ

ඇහැළෙපොලගෙ පුංචි පුතා
මද්දුම බණ්ඩාර යන නාමේ
මද්දුම බණ්ඩාර යන නාමේ
 
සිංහල ඉතිහාස ප රන් අකුරින් ලියවුණා
එඩිතර හඳ පුංචි පුතෙක් ලක් මෑණිට නැති වුණා
ගම්බර නුවර බිමේ හැම වැලි කැටයක් පවා
ආඩම්බර කඳුළු වලින් දුක සකය නිවෙනවා
සිංහල ඉතිහාස ප රන් අකුරින් ලියවුණා
 
ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා
අම්ම සමග දරු තුන් දෙනෙකුට මරණය හිමි කළා
සිනා වෙලා අම්ම ළඟට ආ මද්දුම වීරයා
මැරෙනා සැටි මම පෙන්වන්නම් අයියණ්ඩියෙ කියා
මම අයියණ්ඩියෙ කියා
සිංහල ඉතිහාස ප රන් අකුරින් ලියවුණා
 
යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගහලයා
මරණෙට බයවී අයියා අම්ම ළඟට පැන ගියා
ඒ රජාගෙ කෲර ගතිය වීර ලෙයින් පෙන්නලා
මද්දුම බණ්ඩාරගෙ හිස කඩු පහරින් වෙන් කළා
කඩු පහරින් වෙන් කළා
සිංහල ඉතිහාස ප රන් අකුරින් ලියවුණා
 
මද්දුම බණ්ඩාරගෙ පඩි පුංචි නංගි දෙස බලා
වංගෙඩියක දා කටන්ඩ ඒ රජිඳා අණ කළා
එහෙම හිතක් එහෙම නැතත් ඉතිහාසෙම නෑ අන
පියාගෙ නම රැක ගන්නට පුංචි පුතෙක් බිලි වුණේ
පුංචි පුතෙක් බිලි වුණේ
 
සිංහල ඉතිහාස ප රන් අකුරින් ලියවුණා
එඩිතර හඳ පුංචි පුතෙක් ලක් මෑණිට නැති වුණා
ලක් මෑණිට නැති වුණා
සිංහලේට නැති වුණා
ලක් මෑණිට නැති වුණා
 
ඇන්ටන් රුද්‍රිගු
මර්වින් සේනාරත්න
????? 
 

පාසල් උයනේ

පාසල් උයනේ නා ගස් හෙවණේ
පෙරදා පෙරදා පෙරදා පෙරදා
සැණකෙළි දිනයේ මතකද අප හමු වූවා
ආදි සිසුන් ගේ මල් සල ළඟ දී
පැරණි හැඟුම් මතු කරවා
සොඳුරු සිනා පා ආදර හැඟුමින් පිළි ගත්තා

පාට පාට විදුලි පහන් නිවී නිවී යළි දිලී ගියා
බිඳී තිබුණු මා හදවත් මල් මී එයින් සසල වූවා
පියවි ලොවින් මොහොතක් සමු ගෙන
සිහින ලොවේ වල්මත් වූවා
පාසල් උයනේ තුරුලිය ගොමුවේ
මලින් පිරී තිබුණා

එනමුදු කාලය සැඩපහර වැදී
සිතුවිලි සිත්තම් බොඳ වූවා
සිතුවම් නිවහන් ගරා වැටී ඇත
යළි එය ගොඩ නංවන්න එපා
අතීත මතකය මිය යන්නට හැර
පෑරුණු සිත මගෙ සුවපත් වන්නට
ඔබ සිත් දැහැනින්
මම සමු ගනිමි ප්‍රියේ

අයිවෝ ඩෙනිස්
?????
ප්‍රේමසිරි කේමදාස

බිළිඳුනේ දරුවනේ (චිත්‍රපටයේ එන මුල් ගීතය)

බිළිඳුනේ දරුවනේ මගේ පැළෙත් රජ මැදුරේ
අම්මා පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම් හැඩ වුණේ

හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ
හිරු රැස් නැහැවෙන හිමිදිරියේ හෝ
රහසින් රහසින් ඔබ හැඬුවා
පුර හඳ පායන පුන් පොහොදා
බෝ මලුවේදිත් ඔබ හැඬුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා
හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ

විහඟුන් ගී දෙන යෞවනයේ
ආදර පාරමි දම් පිරුවා
ජීවන ගමනේ සෝ ගිනි නිවනා
දෙනුවන් දෙනුවන් එක් කෙරුවා
සැබෑ වු ප්‍රේමෙන් අත්වැල් බෙදා ගමු
රැකදේවි සුර සෙන් පවා
හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ

කිරි තොල් හමුවේ ඔබ දුන් ඔබ පිදු
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ බිව් කිරි වල පව් අරවන්නට
අම්මේ මදි අපි පින් කෙරුවා
ඉන්නා තැනක හිඳ පුතා කියා මට
අමතන්න එන්නම් සොයා

බිළිඳුනේ දරුවනේ මගේ පැළෙත් රජ මැදුරේ
අම්මා පෙව් කිරි කඳුලෙන්
මේ ලොව මෙතරම් හැඩ වුණේ
හැඩ වෙවී රස පිරී තිරී රටක් නළවන සේ

ග්‍රේෂන් ආනන්ද
සෝමපාල ලීලානන්ද
සෝමපාල රත්නායක
(රජ දරුවෝ චිත්‍රපටය)

Sunday, May 24, 2009

මලේ සුවඳ වාගේ

මලේ සුවඳ වාගේ මල මතම රැඳී
විලේ ජලය වාගේ විල තුළම රැඳී
සඳේ සදාතන ආදර සිසිල වැදී
අපේ ආදරේ පවතී සුවඳ දිදී

කල්ප කාල මං තල වල හිනා වෙවී
කල්ප කාල දුර ආවා වෙනස් නොවී
සෙනේ සිතින් ළඟ ඉඳගෙන කතා වෙවී
පැතූ පැතුම් මල් වරුසා හෙටත් වහී

හිතේ වෙලෙන ලෙන්ගතු කම කියා දිදී
පෑව සිනා දුටු දා සිට පෙමින් වෙලී
මහා මෙරක් සේ මා සිත නොහැර සිටී
නුඹෙන් තොරව ආදරයක් සිතනු බැරී

නන්දා මාලිනී
රඹුකන සිද්ධාර්ථ හිමි
නන්දා මාලිනී
 
 ගීතය අසා රස විඳින්න
 

පිලේ පහන

පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ

පෑල වියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ
දොලේ හඬට උණ පඳුරේ වැනියන් මට බලා ඉන්ඩ
කාගෙත් දුකට හූ මිටි ලන උල ලේනෝ හඬා යන්න
මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදා ගන්ඩ

කාටත් එකට උණුහුම දෙන ඉර පිපුනේ ඉරිමාවක
මගේ සතුට පෑළ දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුසුඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
හිතේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක

සුනිල් එදිරිසිංහ
කුමාරදාස සපුතන්ත්‍රි
රෝහණ වීරසිංහ 
ගීතය අසා රස විඳින්න
 

ලංකා ලංකා පෙම්බර ලංකා

ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා

බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා

මහවැලි කළු කැළණි වලවේ අත් හතරක් ඇති ලංකා
සමනොළ කිරිගල් පිදුරුතලා නෙක කෙහෙ ගැට බැඳි ලංකා
තේ වතු පොල් වතු කෙත් වතු පෙළ උකුලේ නලවන ලංකා
මුහුදින් අඟලක් ඔබ වැව හොත් එහි පනිමු පනිමු ලංකා

හෙළ මුතු මිණි වැල් එකට දමාලා ඔබ සරසමු ලංකා
ගස් වැල් වලැ මල් එකට ගොතාලා ඔබ පළඳමු ලංකා
රුහුණේ කිරි පැණි එකට අනාලා ඔබ පිනවමු ලංකා
ඔබ වෙනුවෙන් එන වෙඩි සැර මල් පෙති සේ සලකමු ලංකා

ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා
අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා
ගොඩ දිය අහසේ හැමතැනැ ඔබගේ නම කියවමු ලංකා
අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා

සුනිල් ශාන්ත, අයිවෝ ඩෙනිස්
අරිසෙන් අහුබුදු
සුනිල් ශාන්ත 

 ගීතය අසා රස විඳින්න
  

බිනර මලී එක්ක එන්න

රන් රැස් ගෙඩි දසත විදා අහස් ගඟේ මැද
තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ

වන සපුමල් පිපී සුවඳ තීරු පෙරෙනවා
ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා
පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා
පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා

බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
පායාපන් මගේ පැලට පායාපන් සඳ

බිනර මලී සිනාසුණා මතකයි යන්තම්
මල් පෙති ඇමිණුවා වගෙයි වැලකට රන්දම්
නෙරිය කඩා ඉඟ නලවන ගමනෙහි අන්දම්
සඳ පෑයුවා වගෙයි වැටට උඩිනුත් පන්දම්

බිනර මලී එක්ක එන්න .....

ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට
සඳකත් පිණි දිය ගලලා රැයත් ගෙවෙන කොට
මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එනවිට
බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට

බිනර මලී එක්ක එන්න .....

පීරා පිට මැදට හෙලූ වරලේ රැල්‍ රැල්
තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල්
කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැමකල්

බිනර මලී එක්ක එන්න .....

ගොයම් නෙළුමෙ කවි සී පද බිනරි කියන විට
කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට
දියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට
වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට

බිනර මලී එක්ක එන්න .....

පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
පායපු ඉර වළා ගැබේ පතුලට වීදෝ
මැවූ සිහින මාළිගාව බිඳී වැටුනදෝ
මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ

බිනර මලී එක්ක එන්න .....

රෝහිත විජේසූරිය
?????
සෝමදාස ඇල්විටිගල 
ගීතය අසා රස විඳින්න 
 

සන්නාලියනේ සන්නාලියනේ

සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ
මේ පොඩි ඇඳුම වියන්නේ
මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ 

මාල ගිරා තටු සේම රුවින් යුතු 
නිල්වන් ඇඳුම වියන්නේ 
ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි 
මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇඳුම වියන්නේ
දිලිසෙන ඇඳුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
සීතල හඳ එළියේ
මැලැවුණු මුහුණින් වෙවුලන දෑතින්
කාටද සළුව වියන්නේ
සිතල සළුව වියන්නේ
කණ කොක් තටුවේ සුදු මැලි පාටින්
සිතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදු මැලි පාටින්
සිතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සළුව වියන්නේ

අමරදේව
මහගමසේකර
අමරදේව 
 ගීතය අසා රස විඳින්න
 

Saturday, May 23, 2009

මගේ පුංචි රෝස මලේ

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මම කවුළු පියන් හැරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න

අමරසිරි පීරිස්
ධම්මික බණ්ඩාර
ඩැනිස්ටර් පෙරේරා 

 ගීතය අසා රස විඳින්න
 

මගේ නීල නෙතු සඟලින්

මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ

මිදුලේ නිල් පුනීල මල්
හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරා ගෙන කියවනවා

හඳ එළියේ හාන්සි වී
ඒ කවියේ රස වින්දා
එදා රැයේ මගේ දෑස
ඔබේ නමින් ඉකි බින්දා

ඉන්ද්‍රානි බෝගොඩ
ඩෝල්ටන් අල්විස්
චන්ද්‍රදාස බෝගොඩ 

 ගීතය අසා රස විඳින්න
 

සුළං රොදක් සේ (දෙවෙන්දොරා සං)


(ගද්‍ය)

මා මේ වෘත්තාන්තය කියන්නට පටන් ගත්තේ

එහි කියැවෙන දේ සිදු වී අවුරුද්දක් පමණ ගත වූ පසුවය.

මේ කථනය කිසියම් කෙළවරකට පමුණුවා අවසන් කළ යුතුය. එහෙත් සිදු වූ දේ නම් එවැනි කෙළවරකට පැමිණ නැත.


සුළං රොදක් සේ නොසිතූ මොහොතක

මිදොරි අවන් හල පැද්දෙන දොර අතරින්

දෙවෙන්දොරා සං අතරමංව ඔබ ආවා

සුළං රොදක් සේ ඔබ ආවා

දෙවෙන්දොරා සං අතරමංව ඔබ ආවා


(ගද්‍ය)

මා මේ කොහේද ඉන්නේ ?

සැබැවින්ම තෝකියෝවට ආවෙම් ද?

මම, මේ විශාල ලෝකයේ කාත් කවුරුත් නැති මං මුලා වූ පුද්ගලයෙක් වෙමි. මෙහි සිටින සියල්ලෝම අමුත්තෝය.

ඔවුන් හා මා අතර ඇති නෑ කම කුමක් ද?


තතමි පැදුර මත දණින් රැඳී

සියුමැලි යනගි රිකිල්ලක් සේ ඔබට නැමී

එනමුදු හඳුනා ගනු බැරි වී ජීවිතයෙන්

ජීවිතයෙන් පැන යන්නට ගිය දා

නේබුරු දොඩම් බිකක් තොල රැඳ වූ

මා සිහිවෙද කවදා


(ගද්‍ය)

ලහිලහියේ ග්‍රහණයෙන් ගිලිහී යන,

සැපතක් ලුහු බැඳ යාමේ දී මා රැස් කළ දුක්ඛ සමුදාය,

විෂ ඝොර සැපින්නක මෙන් හිස ඔසවා මා දෙස බැලීය.

ඒ දුක්‍ඛ සමුදාය මගේ අනාගත දායාදය වන බව මම දැන ගත්තෙමි.


ඉක්මනින්ම යළි ඒ නම්

මළවුන්ගේ අවුරුදු දා

මළගිය ඇත්තන් කැටුවම මා එහි යනවා

තමබොචි සොහොන් බිමේ දී

සොබකි මලක් අත රඳවා

මළවුන්ගේ අවුරුදු දා

යළි හමු වේවා සයොනරා


(ගද්‍ය)

ජීවිතය, වියා හමාර කල නොහැකිව,

එතැනින් මෙතැනින් එල්ලෙන පන් ඉරු වලින් හැඩි වූ,

මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය.

මිනිසුන් මරණය පතන විගසින් ඔවුන් වෙත මරණය නොපැමිණේ. ඔවුහු දීර්ඝ කාලයක් දුක් විඳිමින් ජීවත් වෙති.

මා අවට වූ සත්‍යය මා වැළඳ ගතහොත්,

මීට වඩා තිර සැනසුමක් ලැබිය නොහැකිද?


අජන්තා වෙලගෙදර, සරත් විජේසූරිය (ගද්‍ය පාඨ)

ස්වර්ණ ගුණවර්ධන

ප්‍රියන්ත ඩිරෙක්ස්

(පෙම් කවක් සංයුක්ත තැටිය)

රජ මැදුරක ඉපදී හිටියා නම්

රජ මැදුරක ඉපදී හිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

පුංචි පැටික්කන් මග දිග හඬවන සිල්ලර රස කැවිලී
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
අහක බලා ගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ

ඉඳහිට මොලවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ

මාලනී බුලත්සිංහල
ලූෂන් බුලත්සිංහල
එච්. එම්. ජයවර්ධන 
 ගීතය අසා රස විඳින්න
 

ලා දළු බෝපත්

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ

ලේන කුලේ සිට ආ ගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවනැල්ලක් වී

තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ

කරුණාරත්න දිවුල්ගනේ
රඹුකන සිද්ධාර්ථ හිමි
එච්. එම්. ජයවර්ධන 
 ගීතය අසා රස විඳින්න