Sunday, April 10, 2016

ලා ඉරෙන් ඉල්ලා රම්‍ය ගී මාලා


ලා ඉරෙන් ඉල්ලා රම්‍ය ගී මාලා
සීතලේ පින්නේ පීදිලා
මාලතී සේනා මල් ලන්දේ ගම් මැද්දේ
තාම මට සුවඳයි සේ එදා

මාල ගිරවුන්නේ අතු පතරේ හැංගී
බාල වසුපැටියෝ නාඬන්නේ
නීල රළ රැල්ලේ මුතුලැල්ලේ පාවෙලා
මා කෙසේ ඉන්දෝ ඉතින් අනේ

අම්මේ ඔබ තුරුලෙන් වෙන් වෙලා
යන්නේ සිත ඔබ ළඟ රඳවලා
මා රෑ සිහිනෙන් සෑමදා
ගම් පියසේ ගී ගයා
ඔබ නින්දෙන් ඇහැරවා
සැඟැවී යන්නේ

ලා ඉරෙන් ඉල්ලා රම්‍ය ගී මාලා
සීතලේ පින්නේ පීදිලා
මාලතී සේනා මල් ලන්දේ ගම් මැද්දේ
තාම මට සුවඳයි සේ එදා

නාඬන් දූ ගැන කඳුලැල් සලා
සීනෙන් ඔබ ළඟමයි සදා
මා එනතුරු හෙට ගම් බලා
අම්මා ඇත මග බලා
සියොතුනි නොරැඳී කැලේ
සනසන්නේ

නීලා වික්‍රමසිංහ
?????
නිමල් මෙන්ඩිස්

කොයිද කියා මන්ද කියා

කොයිද කියා මන්ද කියා
නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ එළිය
සොඳුර ඔබ විනී

පෙමෙහි රසත් එහි ඵලයත්

ඔබෙන් උගතිමී
දිවි හිමියෙන් හද බැතියෙන්

ඔබට පින් දෙමී

කොයිද කියා මන්ද කියා
නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ එළිය
සොඳුර ඔබ විනී

නොතිර ලොවේ විරහ දුකේ

අඳුර හිමි විනී
මරු කතරේ සුළඟ ලෙසේ

තනිව පිට වෙමී

චාර්ල්ස් ‍තෝමස් සහෝදර තුමා
කාලෝ ෆොන්සේකා
?????

Saturday, April 9, 2016

ආරාධනා

ආරාධනා ආරාධනා
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා ආරාධනා


නෙලූ සුපෙම් කැටයම් හද පවුරැ තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා ආරාධනා
 

එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ
ඔබේ උණුසුමේ යළිදු උපන්නෙම්
බිඳුණු එවන් රජ දහනින් සමු ගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා ආරාධනා
 

අමරදේව
කුලරත්න ආරියවංශ
රෝහණ වීරසිංහ
('ආරාධනා' චිත්‍රපටයෙන්)

Friday, April 8, 2016

හිරු අවරට යන සැන්දෑ යාමේ

හිරු අවරට යන සැන්දෑ යාමේ
මතක පොතේ පිටු තුළට වැදී
සොඳුරු හැඟුම් උණු කඳුළු බිඳක් වී
නෙතගින් රූරා ගලා බසී

මුදුඟිල්ලට රන් පැහැයක් එක්කර
දෑඟිලි හුයකින් වෙලා තියා
මා හද අරණේ පිපුන පැතුම් මල්
වසන්තයට පෙර පරව ගියා

බොඳ කර රෑ දුටු සුන්දර සිහිනය
දුරු රටකට ඔබ වෙන්ව ගියා
මංගල යහනේ ආදර තිලකය
කඳුලින් පමණක් ඇඳී ගියා

නන්දා මාලිනී, පුෂ්ප කරුණාරත්න
විපුලසිරි කෝට්ටේගොඩ
පුෂ්ප කරුණාරත්න

Monday, April 4, 2016

පාවේ වළා ඈත කඳු බලා

පාවේ වළා ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා

කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ
මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් නැතේ නුවන් දිය සිඳේ
පහන් පෙම දිනේ

හාදව පෙම් බැන්ද රුවින්
පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ
දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ සහන් එළි නැගේ
පහන් පෙම දිනේ

වික්ටර් රත්නායක
?????
?????

පන්ති නැති ඉස්කෝලෙ බිඳලා

පන්ති නැති ඉස්කෝලෙ බිඳලා
ජීවිතේ ගැන එපා ටියුෂන්
හෝඩියට ආදරේ අරගෙන
ආයෙමත් එනවාද දුයිෂෙන් 
ආයෙමත් එනවාද දුයිෂෙන් 

ගුරුතුමනි ඔබ නො එන දවසක
වෘක රෑනක් ඇවිත් මෙබිමට 
වසන්තය ගෙන ගියා ගොදුරට
ඔබේ ආදර පුංචි සිසුවිය
බළල් පැටියා තුරුලු කරගෙන 
අඬනවා හැමදාම හවසට
අඬනවා හැමදාම හවසට

ඇගේ හිත කියවන්න දන්නේ
ඔබම පමණයි ගුරුතුමානනි
හෝඩියම දන්නැති වුණත් ඔබ
හෝඩියම දන්නැති වුණත් ඔබ

සැඳෑ සුළඟේ සැලී වැලපෙන
අතක පොප්ලර් තුරක ශෝකය
කවුරු නම් හඳුනයිද ඔබ මිස
මේ මහා තණ බිමේ සැඟවුන 
ඔබේ උත්තම නොකී ප්‍රේමය
සසල කරවයි ලොවේ හදවත

හිම කුණාටුව දෙබෑ කරගෙන 
අස්සයා නැතිනම් පයින් වත්
සහතිකයි ඔබ නැවත එන වග
සහතිකයි ඔබ නැවත එන වග
සහතිකයි ඔබ නැවත එන වග

පන්ති නැති ඉස්කෝලෙ බිඳලා
ජීවිතේ ගැන එපා ටියුෂන්
හෝඩියට ආදරේ අරගෙන
ආයෙමත් එනවාද දුයිෂෙන් 
ආයෙමත් එනවාද දුයිෂෙන්

සමන් ලෙනින් 
රජී වසන්ත වෙල්ගම 
දර්ශන රුවන් දිසානායක

නිය පෙළ සිඳලයි දෑත පාන්නේ

නිය පෙළ සිඳලයි දෑත පාන්නේ
තුරුලට ගන්නට ආදරයෙන්
දැලිපත සිඳලයි කොපුල පාන්නේ
මුව සිප ගන්නට ආදරයෙන්

මව් නැති යාමේ මා උර මඬලේ
දෙතොල් හොවයි කිරි සුවඳ සොයා
දහදිය සුවඳක් දැනුනිද පුතුනේ
දෙරණට මුහු වන නුඹ වෙනුවෙන්

නිදි නැති යාමේ මා ලය තුරුලේ
කැළුම් ගෙනෙයි මුදු සිනහ පපා
උණුසුම් සුසුමක් දැනුනිද පුතුනේ
පවනට මුහු වන නුඹ වෙනුවෙන්‍

වික්ටර් රත්නායක
?????
?????

සංසාරේ එක මොහොතක් නැවතිලා

සංසාරේ එක මොහොතක් නැවතිලා
කල්පයක් ගෙවුනු හදවත ගොළු වෙලා
ලොවම සසල විය ලොවම නිසල විය
ඔබේ නීල නෙතු රැහැනේ දැවටිලා
වසන්තයේ පෙම් කුළුඳුල් කැකුළු පිපීලා
පෙම් කැකුළු පිපීලා

එක මොහොතද සංසාරේ මා නැවතුනේ
පුරා කල්පයක් ගෙවුනිද හද ගොළු වෙලා
මුවින් නොකී බස නුවන් අගින් බැස 
ඔබේ නීල නෙතු රැහැනේ දැවටිලා
වසන්තයේ පෙම් කුළුඳුල් කැකුළු පිපීලා
පෙම් කැකුළු පිපීලා

සංසාරේ එක මොහොතක් නැවතිලා
කල්පයක් ගෙවුනු හදවත ගොළු වෙලා
ලොවම සසල විය ලොවම නිසල විය
ඔබේ නීල නෙතු රැහැනේ දැවටිලා
වසන්තයේ පෙම් කුළුඳුල් කැකුළු පිපීලා
පෙම් කැකුළු පිපීලා

අමරදේව
?????
?????

මේ වසන්තය ගෙවී යන්නට ළඟයි

මේ වසන්තය ගෙවී යන්නට ළඟයි
ඔබ පිපී හිනැහුනේ අවසාන දවසකයි
හිඳුණු ජීවිත පතුල හාරා
නුඹට දෙන්නට සෙනෙහෙ දිය බිඳුවක්
සොයමි මම තවමත්

පෙමට සරි වුණ බැලුම් ඇති මුත්
බලනු කෙලෙසද අඳුරු වූ දෑසින්
යනෙනු බෑ නුඹෙ දෑත අරගෙන
නොවේ කාලය නුඹ සිතන මනරම්

කියූවද නුඹ ජීවිතේ ගැන
මිහිරි සැමරුම් හුරු සසර මතකෙන්
නොවී හිනු මැන මගේ සොඳුරිය
ඉදුණු හිසකේ සිනාසෙයි රහසින්

කරුණාරත්න දිවුල්ගනේ
බණ්ඩාර බෙලිකැටමුල්ල
දර්ශන වික්‍රමතුංග

හදන්නට වැහි බිංදුවක්

හදන්නට වැහි බිංදුවක්
පොළොව ගහකොළ විඳි දුකක්
දන්නවා නම් තෙමෙනවා ඔබ
මහා වැස්සේ කල්පයක්

ඔබ සොයා ගෙන ආ දුරක්
වින්ද අපමණ දුක් කඳක්
දන්නවා නම් යන්නෙ නෑ ඔබ
මා දමා මේ හැටි දුරක්

නෙතට නිදි නැති රැය දුකක්
ඉසිඹුවක් නොලදිමි පැයක්
ඔබව හිත ළඟ බලා ගත් හැටි
දන්නෙ නෑ ලොව කවුරුවත්

කරුණාරත්න දිවුල්ගනේ
නාරද විජේසූරිය
රෝහණ ධර්මකීර්ති

Monday, March 4, 2013

යාළුයි අපි යාළුයි

යාළුයි අපි යාළුයි

යාළුයි අපි යාළුයි
හැමදාමත් යාළුයි
එක ඉත්තක එකට පිපුණු පුංචි යාළුවෝ
යාළුයි අපි යාළුයි

සුදු වැල්ලේ පිය සටහන් අපි කාගෙත් එක වාගෙයි
දුවන පනින හෙවණැල්ලත් අපි කාගෙත් එක වාගෙයි
සුදුත් එකයි කළුත් එකයි ඉරත් හඳත් අපෙයි අපෙයි
ඉරත් හඳත් අපෙයි අපෙයි

යාළුයි අපි යාළුයි
හැමදාමත් යාළුයි
එක ඉත්තක එකට පිපුණු පුංචි යාළුවෝ
යාළුයි අපි යාළුයි

මහ මුහුදයි නිල් අහසයි කැලෑ රොදයි කුරුල්ලනුයි
මල් සුවඳයි වලාකුළයි අපිත් එක්ක යාළු වෙලා
සුදුත් එකයි කළුත් එකයි ඉරත් හඳත් අපෙයි අපෙයි
ඉරත් හඳත් අපෙයි අපෙයි

යාළුයි අපි යාළුයි
හැමදාමත් යාළුයි
එක ඉත්තක එකට පිපුණු පුංචි යාළුවෝ
යාළුයි අපි යාළුයි

සුදු වැල්ලේ පිය සටහන් අපි කාගෙත් එක වාගෙයි
දුවන පනින හෙවණැල්ලත් අපි කාගෙත් එක වාගෙයි
සුදුත් එකයි කළුත් එකයි ඉරත් හඳත් අපෙයි අපෙයි
ඉරත් හඳත් අපෙයි අපෙයි

යාළුයි අපි යාළුයි
හැමදාමත් යාළුයි
එක ඉත්තක එකට පිපුණු පුංචි යාළුවෝ
යාළුයි අපි යාළුයි

?????
?????
?????

Sunday, March 3, 2013

දිය ගොඩ හැම තැනැ කිරි ඉතිරේ (හඳපානේ රෑ යාමේ)

දිය ගොඩ හැම තැනැ කිරි ඉතිරේ
ගස් වැල් කිරි මුහුදේ කිමිදේ
මද මුදු සුළඟින් අප නැලැවෙන්නේ

බැබැළෙන හඳපානේ
හඳපානේ හඳපානේ හඳපානේ රෑ යාමේ

මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
දෝත නගා මහ ඉහළ බලා
අම්බිලියෝ කියමින් නැලැවෙන්නේ
බැබැළෙන හඳපානේ
හඳපානේ හඳපානේ හඳපානේ රෑ යාමේ

දිය මතු පිට කිරි ‍රැල්ල නැගේ
ඔරුවෙක් තනිවී ඈත පෙනේ
හෝ ගා මුහුදේ ‍රැල්ල බි‍ඳෙන්නේ
බැබැළෙන හඳපානේ
හඳපානේ හඳපානේ හඳපානේ රෑ යාමේ

වවුලන්ගේ බකමූණන්ගේ
නාදේ ඉඳහිට මටද ඇසේ
අඳුර සොයාලා මුළුගැන්නෙන්නා
බැබැළෙන හඳපානේ
හඳපානේ හඳපානේ හඳපානේ රෑ යාමේ

සුනිල් ශාන්ත
?????
සුනිල් ශාන්ත


දස්කොන් සකිසඳ (දෙවන ගීතය)

දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නො එනා ගමනකි යන්නේ
එනමුත් ළඳුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමු වන්නේ

සියොළඟ හිමි ළඟ හදවත මා ළඟ
කෙලෙසද හද බැඳ ලන්නේ
කවුදෝ ‍රැකවල් ලන්නේ
ඔබ මා යලි හමු වන්නේ

මිය යමි මනු ලොව හමු වෙමි පෙම් ලොව
ලොව්තුරු සුව  වළඳින්නේ
කිසිදා නැත හමු වන්නේ
ඔබ මා යලි හමු වන්නේ

අමරදේව, නීලා වික්‍රමසිංහ
සුනිල් ආරියරත්න
අමරදේව

දස්කොන් සකිසඳ (පළමු ගීතය)

දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නො එනා ගමනකි යන්නේ
සක්මන් මළුවේ බැඳි පෙම් තොරණේ මල් දම් ගිලිහී යන්නේ

සියොළඟ හිමි ළඟ හදවත ඔබ ළඟ සිත යන යන තැන එන්නේ
සියොළඟ හිමි ළඟ හදවත ඔබ ළඟ සිත යන යන තැන එන්නේ
මතු දා ඔබ හමු වන්නේ
මතු දා ඔබ හමු වන්නේ
මතු දා ඔබ හමු වන්නේ

ඔබ ළඟ නැතිමුත් ඔබගේ සුවඳයි පවනේ පාවී එන්නේ
ඔබ ළඟ නැතිමුත් ඔබගේ සුවඳයි පවනේ පාවී එන්නේ
සයනේ සැඟැවී ඉන්නේ
සයනේ සැඟැවී ඉන්නේ
සයනේ සැඟැවී ඉන්නේ

නීලා වික්‍රමසිංහ
සුනිල් ආරියරත්න
අමරදේව

Tuesday, August 9, 2011

සළෙල පහසින් කිළිටි වූ රෑ

සළෙල පහසින් කිළිටි වූ රෑ
යහන වැතිරුණ දුක් සුසුම්
දයාවේ නෙතු ඉමෙන් වැළහී
අම්බපාලිය මිදුණු මළ පුඩුවේ බැඳුනිදෝ
කිකිළියේ
රන් කිකිළියේ

සිනා පඬු ගෑ දෙතොල සිර කළ
ඉවුරු බිඳ හල කඳුළු මහ වැහි
ගොදුරු ලොබ බැඳ සරන මුව වැදි
මළ පුඩුව මත් නිදි වරාදෝ
නෙත පුරා රත ගෑවුණේ
කිකිළියේ
රන් කිකිළියේ

පිණිදියෙන් මුව දොවා මල්කැන්
නියත විවරණ ලබන උදයක
පර මලක්දෝ රෑ කුමාරී
මල් වැලින් බිම වැටී වැළපෙන
ජීවිතේ රොන් සුවඳ ඉහිරී
කිකිළියේ
රන් කිකිළියේ

ඉමාන් පෙරේරා
වත්තේවැවේ ධම්මානන්ද හිමි
රංජිත් සුදර්මන්

ගීතය අසා රස විඳින්න

අහසින් බසින් සඳ මඬලින් බසින්

අහසින් බසින් සඳ මඬලින් බසින්
මිනිසුන් මැද පුතුනේ මිහි මඬලේ ඉඳින්
කඳුළු සුසුම් විඳ මුවහත් වෙමින්
රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉඳින්

සුපසන් නොවේ ලොව නුඹ මේ උපන්
නුවණින් වැඩී ලොව සුපසන් කරන්
විරුවන් ලෙසින් රුදු රණ බිම් මැදින්
නුඹගේ ගමන් මග ඉදිවේ බලන්

දෙවියන් නොවේ නිති අසලින් ඔබේ
දිරියෙන් ගතේ ඉ‍ටු දෙවියන් මැවේ
ජය පැන් වඩන් දහදිය වැල් වලින්
නුඹගේය ඒ නව ලොව පුංචී පුතුන්

නන්දා මාලිනී
?????
?????

ගීතය අසා රස විඳින්න

Sunday, August 7, 2011

ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි

ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
අනුන් සෙට උදෙසා තමන් සුව නොතකා
දිවිය කැපකල උතුම් මිනිසුනි
මිනිස්කම නම් කිමැයි කියාදෙන්නේ ඔබයි

ඉසුරු සුව රස පහස හැරදා
ක‍ටුක දුක රුපු ගැහැට වළඳා
සියල් සත වෙත පතල කුළුණින්
ලොව පහන් පියසක් කරන්නට
ජීවිතය පුද දුන්
ඒ උතුම් මිනිසුන්

පෙලෙන සිත් තුළ නැගෙන සුසුමන්
දැවෙන නෙත් අග කෙවෙන කඳුලැල්
දැනී කම්පිත සිතින් නැගෙමින්
මිනිස් මහිමය හෙළි කරන්නට
ඥානනය ලැබ දුන්
ඒ උතුම් මිනිසුන්

සුනිල් එදිරිසිංහ
?????
?????
ගීතය අසා රස විඳින්න

පාසලින් මග දකින හොඳම දරුවා මමයි

මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය
මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය

ආදරය කරුණාව දයා උතුරා ගලන
මා සිතෙහි ශිල්ප හා ගුණ දහම්  ඇත ‍රැඳී
ගුරු දෙගුරු හිත මිතුරු හා අවට සියලු දෙන
මා හැදෙන හැටි බලා සිටිති ආදරයකින්

මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය
මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය

පරිසරය මා රකී රකිමි මම පරිසරය
ලෝකයට බර නොවී වැඩ පිණිස මම හැදෙමි
වාසනාවන්ත වූ අනාගතයක් කරා
පාසලින් මග දකින හොඳම දරුවා මමයි
පාසලින් මග දකින හොඳම දරුවා මමයි
පාසලින් මග දකින හොඳම දරුවා මමයි

නාලිනී රණසිංහ

සමරවීර වීරවන්නි
ආනන්ද ජයසිංහ
ගීතය අසා රස විඳින්න

Thursday, February 4, 2010

සිරි සමනොළ සිරසින් මුදුන් වන දහසක් අපගේ ප්‍රාර්ථනා

සිරි සමනොළ සිරසින් මුදුන් වන
දහසක් අපගේ ප්‍රාර්ථනා
මහාවැලිය මහ ගඟ උතුරා යන
සුවිපුල් නිවහල් ප්‍රාර්ථනා

අලුත් ඉරෙන් මුළු රටට උදා වන
අමයුරු සුමියුරු ප්‍රාර්ථනා
යව්වනියන්ගේ හද තුළ නලියන
ආදරයේ රස ප්‍රාර්ථනා
ප්‍රාර්ථනා ප්‍රාර්ථනා
ආදරයේ රස ප්‍රාර්ථනා

මල් ගොමුවට බිඟු මිණි දැල් බන්දා
පිපී පිපී එන ප්‍රාර්ථනා
ගෙන් ගෙට යා වන බිළිඳු සිනාවෙන්
දිව එන සුරතල් ප්‍රාර්ථනා
ප්‍රාර්ථනා ප්‍රාර්ථනා
දිව එන සුරතල් ප්‍රාර්ථනා

අමරදේව ඇතුළු පිරිස
?????
????? 
 ගීතය අසා රසවිඳින්න


සසර වසන තුරු

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

අමරදේව
????
අමරදේව 
 ගීතය අසා රසවිඳින්න