Showing posts with label සුනිල් දයානන්ද කෝනාර. Show all posts
Showing posts with label සුනිල් දයානන්ද කෝනාර. Show all posts
Friday, August 14, 2009
ගමට කලින් හිරු
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ
වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විසාකාව වී
මෙත් මග නෙත් හමු වේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැලැවිළි ගීතය
ලොවම නිවන කවියක් වේවා
කරුණාරත්න දිවුල්ගනේ
සුනිල් දයානන්ද කෝනාර
සුනිල් දයානන්ද කෝනාර
ගීතය අසා රස විඳින්න
Labels:
කරුණාරත්න දිවුල්ගනේ,
සුනිල් දයානන්ද කෝනාර
Subscribe to:
Posts (Atom)