Showing posts with label අනුරාධ අබයසිංහ. Show all posts
Showing posts with label අනුරාධ අබයසිංහ. Show all posts

Sunday, May 10, 2009

මුදු සිහින ඇසේ තැවරෙයි

මුදු සිහින ඇසේ තැවරෙයි
ඇස් වහන්නෙපා තරහින්
මගෙ කිරිල්ලියේ බලපන්
ඉර සිනා අරන් ඇවිදින්

සුදු පුළුන් පොදින් පෙඳලූ
මුදු සුමුදු යහන් නැතුවට
අතු පතර සැපයි අහසේ
තරු පොකුරු හිඳියි තනියට
දුක් කඳුළු මැදින් බැලුවම
ජීවිතේ බරයි වැඩියෙන්

පෙර වගේ නැමී සවනට
මුමුනන්න ගීත නැතුවට
පොඩි පැටව් හිඳී සොඳුරේ
මුතු කුරුළු සිනා ඉසුමට
දුක ඇවිත් හොරෙන් එබුනම
නුඹ සිනාවෙයන් වැඩියෙන්

අනුරාධ අබයසිංහ
රුවිනි සුලෝචනා රූපසිංහ
මංජුල පද්මසිරි