Showing posts with label රං බණ්ඩා සෙනෙවිරත්න. Show all posts
Showing posts with label රං බණ්ඩා සෙනෙවිරත්න. Show all posts

Monday, July 27, 2009

උල ලේනෝ

පාළුව දෙවනත් කර නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා
උල ලේනෝ... උල ලේනෝ...

හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ
නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ
නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගියදා මේ හැම දුක නැති වන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

ගුණදාස කපුගේ
රං බණ්ඩා සෙනෙවිරත්න
සේන වීරසේකර

 ගීතය අසා රස විඳින්න

Monday, May 18, 2009

සුමනෝ

පබළු නඟේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ

වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔළිඳ ගනිනවා
වෙනදා වාගෙම තල මල් පිපිලා
තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ

මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට හැඳ පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ

ගුණදාස කපුගේ
රං බණ්ඩා සෙනෙවිරත්න
ගුණදාස කපුගේ 
 ගීතය අසා රස විඳින්න