Showing posts with label එම්. ආර්. චූලසිංහ. Show all posts
Showing posts with label එම්. ආර්. චූලසිංහ. Show all posts

Sunday, June 7, 2009

මේ ඉර හඳ යට හමුවී

මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා

දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුලක් ඉතිරි වෙලා

එඩ්වඩ් ජයකොඩි
රඹුකන සිද්ධාර්ථ හිමි
එම්. ආර්. චූලසිංහ
 
 ගීතය අසා රස විඳින්න