Showing posts with label චන්ද්‍රකුමාර කඳනාරච්චි. Show all posts
Showing posts with label චන්ද්‍රකුමාර කඳනාරච්චි. Show all posts

Thursday, December 24, 2009

පෝය සඳේ සඳ කිරණින්

බුද්ධ ධර්මය අවබෝධ කරත්වා
පංච ශීලය සැවොම රකිත්වා
කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා
දැහැමින් සාමයෙන් ලෝකය පවතීවා
 

පෝය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා
හදේ නැගෙන සිල් සුවඳින් පවේ දුගඳ වැනසේවා

සසර මහා කතර මැදින් අමා ගඟුල බිහිවේවා
අමා ගඟේ ගං වතුරින් සසර කතර සරුවේවා
ඒ කතරේ සොම්නස් මල් පොකුරු පොකුරු පිබිදේවා
පිබිදෙන මල් පොකුරු වලින් සාම සුවඳ විහිදේවා

සතර වටින් නැගෙන මහා රණ ගී හඬ නෑසේවා
ඒ රණ ගී හඬ පරදා සාම ගීත පැතිරේවා
කරුණා මෙත් සලිල ගලා ලෝ දහමින් නැහැවේවා
දැවෙන තැවෙන හැම හදවත් ඒ සලිලෙන් සැනසේවා

කඳනාරච්චි සොහොයුරන්
?????
?????
ගීතය අසා රස විඳින්න