Showing posts with label දර්ශන රුවන් දිසානායක. Show all posts
Showing posts with label දර්ශන රුවන් දිසානායක. Show all posts

Monday, April 4, 2016

පන්ති නැති ඉස්කෝලෙ බිඳලා

පන්ති නැති ඉස්කෝලෙ බිඳලා
ජීවිතේ ගැන එපා ටියුෂන්
හෝඩියට ආදරේ අරගෙන
ආයෙමත් එනවාද දුයිෂෙන් 
ආයෙමත් එනවාද දුයිෂෙන් 

ගුරුතුමනි ඔබ නො එන දවසක
වෘක රෑනක් ඇවිත් මෙබිමට 
වසන්තය ගෙන ගියා ගොදුරට
ඔබේ ආදර පුංචි සිසුවිය
බළල් පැටියා තුරුලු කරගෙන 
අඬනවා හැමදාම හවසට
අඬනවා හැමදාම හවසට

ඇගේ හිත කියවන්න දන්නේ
ඔබම පමණයි ගුරුතුමානනි
හෝඩියම දන්නැති වුණත් ඔබ
හෝඩියම දන්නැති වුණත් ඔබ

සැඳෑ සුළඟේ සැලී වැලපෙන
අතක පොප්ලර් තුරක ශෝකය
කවුරු නම් හඳුනයිද ඔබ මිස
මේ මහා තණ බිමේ සැඟවුන 
ඔබේ උත්තම නොකී ප්‍රේමය
සසල කරවයි ලොවේ හදවත

හිම කුණාටුව දෙබෑ කරගෙන 
අස්සයා නැතිනම් පයින් වත්
සහතිකයි ඔබ නැවත එන වග
සහතිකයි ඔබ නැවත එන වග
සහතිකයි ඔබ නැවත එන වග

පන්ති නැති ඉස්කෝලෙ බිඳලා
ජීවිතේ ගැන එපා ටියුෂන්
හෝඩියට ආදරේ අරගෙන
ආයෙමත් එනවාද දුයිෂෙන් 
ආයෙමත් එනවාද දුයිෂෙන්

සමන් ලෙනින් 
රජී වසන්ත වෙල්ගම 
දර්ශන රුවන් දිසානායක