Wednesday, September 16, 2009

හිත මනමාල කම් කරයි

හිත මනමාල කම් කරයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි
අඳුරේ නුහුර සැරි සරයි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි

ලේ කැටි සීතලෙන් මිදෙයි
තනිකම් දොසින් ආතුරයි
රෑ යම රෝෂයෙන් පිරෙයි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි

වැලපෙන මූද හරි සැරයි
සුළඟට හාදු අමතකයි
නිදි නැති හීන ඇස හරියි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි

සමන්ත පෙරේරා
නිලර් එන්. කාසිම්
සමන්ත පෙරේරා
 ගීතය අසා රස විඳින්න

සුබ ලකුණු බල බලා

සුබ ලකුණු බල බලා ඉරගල වැටෙන ඉම තුරා
හෙමිහිට ඇවිද ගියේ තනිකම් දොසින් නේද
මිහිකත බාර දෙවියනේ
පෝයෙන් පෝය ගෙවෙන්නේ

දොරකඩ හීන විසිරයේ
මගෙ හද අගුළු හැර තියේ
යහනට නිදි ගෙනෙන්න
රැය අඳුරින් මුදන්න
කවදා කවුරුද එන්නේ

තනිකම් නපුර පරදවා
අණ වින දෝස හැර දමා
අඳුරට එළිය දෙන්න
සිහිනය රැගෙන එන්න
කවදා කවුරුද එන්නේ

නිරෝෂා විරාජිනී
නිලාර් එන්. කාසිම්
රෝහණ වීරසිංහ
 ගීතය අසා රස විඳින්න

Friday, September 4, 2009

අමා දහර දිය ගලා ගලා

අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

සැපෙහී කිමීදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
දහම් සුවඳ මල් දසතම පතුරා
සියලු කෙලෙස් මැඩ බුදු වූවා
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

ජීවිතයේ ඇති නොනිමි අතිර බව
ලොවට පැතුරු කරුණාවේ අම ගුණ
සියලු සතුන් වෙත දහම් රස පෙවූ
කරුණාබර නෙත් නිවී ගියා
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

වික්ටර් රත්නායක
?????
?????
 ගීතය අසා රස විඳින්න

තණ්හා ආශා

තණ්හා ආශා
තණ්හා ආශා ඔලොගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ... සැපත සොයන්නද මේ යන්නේ
කතරේ.....
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා

උතුරන ගංගා නියඟය ආදා
වියළී යනවා ගහකොල මැලවී
මල් හට ගන්නා වසන්තයම නෑ
හැමදා.....
අප යන මේ ගමනේ
තණ්හා ආශා

අඳුරෙන් ගැලවි
එළිය සොයන්නෝ
හැමදා අඳුරේ අඳුර දකින්නෝ
අඳුර දකින්නෝ
දිවියේ සාරය
දිවියේ සාරය මෙපමණි ඇත්තේ
අඳුරේ.....
අප හැම වල්මත් වී
තණ්හා ආශා

සැපත විනෝදේ උපත කදුළ වේ
විපත පියා වේ මේ ලොව සැපතේ
පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
කිසිදා.....
නැත උන් වෙන් වන්නේ

තණ්හා ආශා
තණ්හා ආශා ඔලොගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ... සැපත සොයන්නද මේ යන්නේ
කතරේ.....
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා

අමරදේව
?????
?????
 ගීතය අසා රස විඳින්න

Thursday, September 3, 2009

රතු පාට මල්

රතු පාට මල් මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුණු
මල් පවන මට තාම මතකයි

සුදු පාට රැලි ගවුම කරදාසි සිරි සිරිය
වැහිදාට තෙත බරිත වීදෝ
හුණු කූරු ගෙවිලා සිතුවම් පොතේ
ඇඳුනේම බලි රූප නේදෝ

ගඳපාන ගැට පේර නෑ දැන් වැටෙන්නේ
හැමදාම දැන්නම් අවාරේ
මගෙ පන්තියේ උන් මා දැන් කොහේදෝ
මොනවා උනාදැයි නොතේරේ

ඉන්ද්‍රානි විජේබණ්ඩාර
?????
?????
 ගීතය අසා රස විඳින්න

එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ

එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ
මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ
එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ
නුඹ කාගෙද නුඹ කාටද මල් එතනෝ

දෙමට කැලෙන් දර අහුලාගෙන එනවා
දෙවැට දිගේ කලයට දිය ගෙන එනවා
ඕළු විලෙන් දිය නා ගෙන ගෙට එනවා
පාළු කුඹුර නුඹ් හින්දම වපුරනවා
මගෙ පාළු කුඹුර නුඹ හින්දම වපුරනවා

කදුරු වෙලෙන් පන් උදුරා ගෙන එනවා
පැදුරු වියා ලස්සන රටා මවනවා
අඳුර මකා හවසට හඳ පායනවා
සොඳුර නිසා ගමටම කිරි උතුරනවා
ප්‍රිය සොඳුර නිසා ගමටම කිරිඋතුරනවා

පෝල් ප්‍රනාන්දු
?????
?????
 ගීතය අසා රස විඳින්න

පෙම් කල වරදට

පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුනු දිනේ

යන එන හමු වන මග අවුරාලා
ආදරයක් වැලකිය හැකිදෝ
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳ දා

චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ

ඉන්ද්‍රානි බෝගොඩ
?????
චන්ද්‍රදාස බෝගොඩ
 ගීතය අසා රස විඳින්න