Sunday, December 20, 2009

ඉපනැලිද දඟයි දෙනිපෙතද සැලෙයි

ඉපනැලිද දඟයි දෙනිපෙතද සැලෙයි
ගම් දොර සැමරුම් හමුවේ
මගෙ වෙහෙර නුඹයි අත නෙළුමක් වෙයි
පිදුමට පින් මදිද සිතෙයි

මේ ගමන දුරයි නුඹ තරු ලකුණයි
එළියෙන් දරුවන් සැනහෙයි
නුඹ මවක වගෙයි හිත බැතිබර වෙයි
ඉන් මගෙ දෑසම බොඳවෙයි

නොදැමුනු සුළඟේ ඇයි නා මල සසල කළේ
නා මලම තමා සැඩ සුළඟද නතර කළේ
සසරේ පසු පස එන තැවුලද උරුම වුණේ
එය තැවුලක් නොව එක මොහොතකි සසර මගේ

මගෙ වෙහෙර නුඹයි අත නෙළුමක් වෙයි
පිදුමට පින් මදිද සිතෙයි
නුඹ මවක වගෙයි සිත බැතිබර වෙයි
ඉන් මගෙ දෑසම බොඳවෙයි

නන්දා මාලිනී,සුනිල් එදිරිසිංහ,රෝහණ වීරසිංහ
බන්ධුල නනායක්කාරවසම්
රෝහණ වීරසිංහ
(අඹු දරුවෝ ටෙලි නා ට්‍යය)

එදා මෙදා තුර

එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා
ලයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා

දෑස් කවුළු පත් පලා කඳුළු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා

ඊයේ ඉපදී අද මියයන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැත ඇයි මේලොව මා තනිව ගියේ
ආයෙත් දවසක එකහිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට පියේ

සනත් නන්දසිරි
විමල් ජයශාන්ත
සනත් නන්දසිරි
ගීතය අසා රස විඳින්න


Friday, November 27, 2009

හිසේ ගිනි ඇවිලෙතේ

හිසේ ගිනි ඇවිලෙතේ
පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇතේ හිතේ
පිසින්නේ කවුරුදෝ

කඳුළු දනව්වේ උල්පතින්
හඬන හැඬුම් ගංගා ගලා
ඒ ඉවුරේ මෙසේ
ඒ ඉවුරේ මෙසේ
ලොවේ අය දිව යතේ

යුගෙන් යුගේ අත් වැල් බැඳී
යදම් වැලක් විලසින් ඇදී
නෑ නිවුණේ සදා
නෑ නිවුණේ සදා
මිනිස් කම මෙදියතේ

සුනිල් එදිරිසිංහ
?????
?????
ගීතය අසා රස විඳින්න


පෙරදා මහ රෑ

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ
මුහුණ හොවා ගෙන ලසොවින් වැළපුණ
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැලැලක් ඉතිරි වෙලා
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ

උරහිස තැවරී වියළුණු කඳුලෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ

ඔබ හට පෙම් කළ යුගය නිමා කර
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ

නන්දා මාලිනී
සුනිල් ආරියරත්න
?????
ගීතය අසා රස විඳින්න

Sunday, November 15, 2009

බකිණි ගහේ බකිණි මලින්

බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ
තනියම එන්නේ

කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිළිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ
දෙමාපියන්නේ
වරද නොවන්නේ

සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ
හනිකට එන්නේ
හනිකට එන්නේ

එඩ්වඩ් ජයකොඩි, පුණ්‍යා කත්‍රිආරච්චි
?????
?????
ගීතය අසා රස විඳින්න

මා හද අසපුව

මා හද අසපුව කුසුමින් සැරසුව ඒ මල් බර දෑතයි
ජීවන මහ මග කැල්මෙන් හෙලි කළ ඒ නිල් මිණි දෑසයි
දකින තුරු සිත දැඩි අවිවේකයි

සෙනෙහස පොදි බැඳ හිසින් දරා
සැනසිලි පිණි දිය රැගෙන පෙරා
සැතපෙන කුටියට ඇය ආ අන්දම
සුවඳ සිහිනයකි බවය පුරා

මුවින් අමොද බිඳු බිඳු වෑහේ
සිතුම් පැතුම් එකිනෙක පෑහේ
දායාදය ලෙස අබැටක් නොපතමි
ඇගෙ නොකැලැල් හද මට සෑහේ

සනත් නන්දසිරි
කරුණාරත්න අබේසේකර
?????
ගීතය අසා රස විඳින්න


නිවන් දුටු හිමි රුවන් පිළිරුව

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට
මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

වික්ටර් රත්නායක
ප්‍රේමකීර්ති ද අල්විස්
වික්ටර් රත්නායක
ගීතය අසා රස විඳින්න