Wednesday, October 7, 2009

මා නෙත් කැදැල්ලේ

මා නෙත් කැදැල්ලේ
සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ
හද පුරා සැනසිලා

ආයෙත් ඉගිල්ලී
පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා

බඹර තුඩු ගා නැතී
කුමුදු මලකින් පෙතී
ගෙනෙමි දුර ඈත විලකින් බලා
ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නාදල්ලෙනී
සුවඳ උලා

අරුණ පිනි බිංදුවයි
පියුමෙ මකරන්දයයි
පොවමි මේකුළක කලතා නිවා
ඉන් මතු කිසිදාක යන්නෙහිද හද රන් ලෙනේ
පහන නිවා

මිල්ටන් මල්ලවාරච්චි
කරුණාරත්න අබේසේකර
?????
ගීතය අසා රස විඳින්න

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
පිය රජු සෙවනේ උන්නේ

බලන්න දෙටු පුත මේ දිය තලයම
කෙත් වතු සාර කරන්නේ
මට ඇති වස්තුව මත ඇති සම්පත
මේ නිල් දිය කඳ වන්නේ

හිටුවා පස් ගස්වා මා මැරුමට
කවුරුද පුතු සිත බින්දේ
මා මළ පසු පුත මිහිදන් කළ මැන
කලා වැවේ වැව් කන්දේ
මගේ කලා වැව සදා රකිනු මැන
අවුකන පිළිම සමින්දේ

ඇන්ටන් රුද්‍රිගු
?????
?????
 ගීතය අසා රස විඳින්න

මා වවුලන් රෑ පුරාම

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා

දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

අමරදේව
කුලරත්න ආරියවංශ
රෝහණ වීරසිංහ
 ගීතය අසා රස විඳින්න