Friday, December 25, 2009

කිරි අම්මාවරු දනට වඩිනවා

කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නො අසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා

නෙත නිදි වරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විඳලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇඟ ලේ කිරි කර නැත පොවලා

නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහි කර කිරි මව වීලා

චන්ද්‍රලේඛා පෙරේරා
?????
????? 
ගීතය අසා රස විඳින්න


Thursday, December 24, 2009

පෝය සඳේ සඳ කිරණින්

බුද්ධ ධර්මය අවබෝධ කරත්වා
පංච ශීලය සැවොම රකිත්වා
කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා
දැහැමින් සාමයෙන් ලෝකය පවතීවා
 

පෝය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා
හදේ නැගෙන සිල් සුවඳින් පවේ දුගඳ වැනසේවා

සසර මහා කතර මැදින් අමා ගඟුල බිහිවේවා
අමා ගඟේ ගං වතුරින් සසර කතර සරුවේවා
ඒ කතරේ සොම්නස් මල් පොකුරු පොකුරු පිබිදේවා
පිබිදෙන මල් පොකුරු වලින් සාම සුවඳ විහිදේවා

සතර වටින් නැගෙන මහා රණ ගී හඬ නෑසේවා
ඒ රණ ගී හඬ පරදා සාම ගීත පැතිරේවා
කරුණා මෙත් සලිල ගලා ලෝ දහමින් නැහැවේවා
දැවෙන තැවෙන හැම හදවත් ඒ සලිලෙන් සැනසේවා

කඳනාරච්චි සොහොයුරන්
?????
?????
ගීතය අසා රස විඳින්න


රන් වන් කරලින් සැදිලා

රන් වන් කරලින් සැදිලා
සැදිලා වෙල් යායම පැසිලා
පැසිලා කමණී සිරියා රමණී
කමණී සිනහ පාලා

මින්නේරිය ගොවි ජනපදයේ
සංගීතය මදනළ මුසුවේ
සිරි සිරි තාලෙන් ඉමිහිරි නදමින්
පැතිරේ පැතිරේ
මෙහි දස අත පැතිරේ

මල් මාලය සිරි ලකඟනගේ
මින්නේරිය වැව ළඟ සැදුනේ
සමනළ ගමනින් සැරසෙන විලසින්
සුදිලේ සුදිලේ
වෙල් යායම සුදිලේ

සුසිල් ප්‍රේමරත්න, ලතා වල්පොල
?????
?????
ගීතය අසා රස විඳින්න


Sunday, December 20, 2009

සිරිපද ලස සමනොළ සිරසේ - මහවැලි මහවැලි මහාවැලී

මහාවැලී මහාවැලී
මහවැලි මහවැලි මහාවැලී

සිරිපද ලස සමනොළ සිරසේ
සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී

ගිරි කුළු විනිවිද නව මං මතුකොට
නව ලොවකට ඔබ ගලා බසී
අතීත රජ රට සිරිසර ඇසහැර
ඔබ එන තුරු මග බලා හිඳී
මහ වැව් බැඳි පෙර රජ දරුවෝ
ඔබගෙන් යළි නව පණ ලැබුවෝ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී

සිරි දුව හෙට මෙහි වඩිනා මඟුලට
මග පාදා පියවිලි අතුරා
ඔබ බැස එනු දැක හිනැහෙයි සිරි ලක
අනාගතය කිරි දිය උතුරා

සිරිපද ලස සමනොළ සිරසේ
සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ
ලෙලී දිලී ගලා බසී
මහවැලි මහවැලි මහාවැලී 

අමරදේව
මහගමසේකර
අමරදේව
ගීතය අසා රස විඳින්න


ඉපනැලිද දඟයි දෙනිපෙතද සැලෙයි

ඉපනැලිද දඟයි දෙනිපෙතද සැලෙයි
ගම් දොර සැමරුම් හමුවේ
මගෙ වෙහෙර නුඹයි අත නෙළුමක් වෙයි
පිදුමට පින් මදිද සිතෙයි

මේ ගමන දුරයි නුඹ තරු ලකුණයි
එළියෙන් දරුවන් සැනහෙයි
නුඹ මවක වගෙයි හිත බැතිබර වෙයි
ඉන් මගෙ දෑසම බොඳවෙයි

නොදැමුනු සුළඟේ ඇයි නා මල සසල කළේ
නා මලම තමා සැඩ සුළඟද නතර කළේ
සසරේ පසු පස එන තැවුලද උරුම වුණේ
එය තැවුලක් නොව එක මොහොතකි සසර මගේ

මගෙ වෙහෙර නුඹයි අත නෙළුමක් වෙයි
පිදුමට පින් මදිද සිතෙයි
නුඹ මවක වගෙයි සිත බැතිබර වෙයි
ඉන් මගෙ දෑසම බොඳවෙයි

නන්දා මාලිනී,සුනිල් එදිරිසිංහ,රෝහණ වීරසිංහ
බන්ධුල නනායක්කාරවසම්
රෝහණ වීරසිංහ
(අඹු දරුවෝ ටෙලි නා ට්‍යය)

එදා මෙදා තුර

එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා
ලයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා

දෑස් කවුළු පත් පලා කඳුළු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්

එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන් පත් කවුළු වසා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා

ඊයේ ඉපදී අද මියයන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරිය ඔබ නැත ඇයි මේලොව මා තනිව ගියේ
ආයෙත් දවසක එකහිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට පියේ

සනත් නන්දසිරි
විමල් ජයශාන්ත
සනත් නන්දසිරි
ගීතය අසා රස විඳින්න


Friday, November 27, 2009

හිසේ ගිනි ඇවිලෙතේ

හිසේ ගිනි ඇවිලෙතේ
පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇතේ හිතේ
පිසින්නේ කවුරුදෝ

කඳුළු දනව්වේ උල්පතින්
හඬන හැඬුම් ගංගා ගලා
ඒ ඉවුරේ මෙසේ
ඒ ඉවුරේ මෙසේ
ලොවේ අය දිව යතේ

යුගෙන් යුගේ අත් වැල් බැඳී
යදම් වැලක් විලසින් ඇදී
නෑ නිවුණේ සදා
නෑ නිවුණේ සදා
මිනිස් කම මෙදියතේ

සුනිල් එදිරිසිංහ
?????
?????
ගීතය අසා රස විඳින්න


පෙරදා මහ රෑ

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ
මුහුණ හොවා ගෙන ලසොවින් වැළපුණ
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැලැලක් ඉතිරි වෙලා
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ

උරහිස තැවරී වියළුණු කඳුලෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ

ඔබ හට පෙම් කළ යුගය නිමා කර
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ

නන්දා මාලිනී
සුනිල් ආරියරත්න
?????
ගීතය අසා රස විඳින්න

Sunday, November 15, 2009

බකිණි ගහේ බකිණි මලින්

බකිණි ගහේ බකිණි මලින් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවස තිබෙන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ
තනියම එන්නේ

කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිළිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ
දෙමාපියන්නේ
වරද නොවන්නේ

සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ
හනිකට එන්නේ
හනිකට එන්නේ

එඩ්වඩ් ජයකොඩි, පුණ්‍යා කත්‍රිආරච්චි
?????
?????
ගීතය අසා රස විඳින්න

මා හද අසපුව

මා හද අසපුව කුසුමින් සැරසුව ඒ මල් බර දෑතයි
ජීවන මහ මග කැල්මෙන් හෙලි කළ ඒ නිල් මිණි දෑසයි
දකින තුරු සිත දැඩි අවිවේකයි

සෙනෙහස පොදි බැඳ හිසින් දරා
සැනසිලි පිණි දිය රැගෙන පෙරා
සැතපෙන කුටියට ඇය ආ අන්දම
සුවඳ සිහිනයකි බවය පුරා

මුවින් අමොද බිඳු බිඳු වෑහේ
සිතුම් පැතුම් එකිනෙක පෑහේ
දායාදය ලෙස අබැටක් නොපතමි
ඇගෙ නොකැලැල් හද මට සෑහේ

සනත් නන්දසිරි
කරුණාරත්න අබේසේකර
?????
ගීතය අසා රස විඳින්න


නිවන් දුටු හිමි රුවන් පිළිරුව

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට
මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

වික්ටර් රත්නායක
ප්‍රේමකීර්ති ද අල්විස්
වික්ටර් රත්නායක
ගීතය අසා රස විඳින්න

Wednesday, October 7, 2009

මා නෙත් කැදැල්ලේ

මා නෙත් කැදැල්ලේ
සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ
හද පුරා සැනසිලා

ආයෙත් ඉගිල්ලී
පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා

බඹර තුඩු ගා නැතී
කුමුදු මලකින් පෙතී
ගෙනෙමි දුර ඈත විලකින් බලා
ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නාදල්ලෙනී
සුවඳ උලා

අරුණ පිනි බිංදුවයි
පියුමෙ මකරන්දයයි
පොවමි මේකුළක කලතා නිවා
ඉන් මතු කිසිදාක යන්නෙහිද හද රන් ලෙනේ
පහන නිවා

මිල්ටන් මල්ලවාරච්චි
කරුණාරත්න අබේසේකර
?????
ගීතය අසා රස විඳින්න

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
පිය රජු සෙවනේ උන්නේ

බලන්න දෙටු පුත මේ දිය තලයම
කෙත් වතු සාර කරන්නේ
මට ඇති වස්තුව මත ඇති සම්පත
මේ නිල් දිය කඳ වන්නේ

හිටුවා පස් ගස්වා මා මැරුමට
කවුරුද පුතු සිත බින්දේ
මා මළ පසු පුත මිහිදන් කළ මැන
කලා වැවේ වැව් කන්දේ
මගේ කලා වැව සදා රකිනු මැන
අවුකන පිළිම සමින්දේ

ඇන්ටන් රුද්‍රිගු
?????
?????
 ගීතය අසා රස විඳින්න

මා වවුලන් රෑ පුරාම

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා

දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

අමරදේව
කුලරත්න ආරියවංශ
රෝහණ වීරසිංහ
 ගීතය අසා රස විඳින්න

Wednesday, September 16, 2009

ගෙල වට බැන්දා වූ මුතු පොටේ

ගෙල වට බැන්දා වූ මුතු පොටේ 
දිස්නෙට මුහුණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිටු පෙම් ආනන්ද වේ

කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මග තොට
යන්න නිදහස දැන් නෑ වගේ

කාගේ කවුරුද ඉන්නේ කොතැනද
නෑ අපි අඳුනන්නේ
ආගන්තුක අපි ආවම කඳුරට
නැතුවද පිළිගන්නේ

කෝකිල සංදේශ කවි පොතේ…..
ගෙලවට බැන්දා වූ මුතු පොටේ…..

සෙංකඩගලපුර පෝදා සඳ මෙනි
මේ මුතු මැණිකේලා
දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම
නෑ හොඳ නෑ ඕවා

ගෙලවට බැන්දා වූ මුතු පොටේ…..
කෝකිල සංදේශ කවි පොතේ…..

ප්‍රියා සූරියසේන, නිරංජලා සරෝජිනී
අජන්තා රණසිංහ
ප්‍රියා සූරියසේන
 ගීතය අසා රස විඳින්න

හිත මනමාල කම් කරයි

හිත මනමාල කම් කරයි
සිතිවිලි සීතලෙන් ගැහෙයි
අඳුරේ නුහුර සැරි සරයි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි

ලේ කැටි සීතලෙන් මිදෙයි
තනිකම් දොසින් ආතුරයි
රෑ යම රෝෂයෙන් පිරෙයි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි

වැලපෙන මූද හරි සැරයි
සුළඟට හාදු අමතකයි
නිදි නැති හීන ඇස හරියි
ගී කිරිල්ලියේ
උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි

සමන්ත පෙරේරා
නිලර් එන්. කාසිම්
සමන්ත පෙරේරා
 ගීතය අසා රස විඳින්න

සුබ ලකුණු බල බලා

සුබ ලකුණු බල බලා ඉරගල වැටෙන ඉම තුරා
හෙමිහිට ඇවිද ගියේ තනිකම් දොසින් නේද
මිහිකත බාර දෙවියනේ
පෝයෙන් පෝය ගෙවෙන්නේ

දොරකඩ හීන විසිරයේ
මගෙ හද අගුළු හැර තියේ
යහනට නිදි ගෙනෙන්න
රැය අඳුරින් මුදන්න
කවදා කවුරුද එන්නේ

තනිකම් නපුර පරදවා
අණ වින දෝස හැර දමා
අඳුරට එළිය දෙන්න
සිහිනය රැගෙන එන්න
කවදා කවුරුද එන්නේ

නිරෝෂා විරාජිනී
නිලාර් එන්. කාසිම්
රෝහණ වීරසිංහ
 ගීතය අසා රස විඳින්න

Friday, September 4, 2009

අමා දහර දිය ගලා ගලා

අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

සැපෙහී කිමීදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
දහම් සුවඳ මල් දසතම පතුරා
සියලු කෙලෙස් මැඩ බුදු වූවා
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

ජීවිතයේ ඇති නොනිමි අතිර බව
ලොවට පැතුරු කරුණාවේ අම ගුණ
සියලු සතුන් වෙත දහම් රස පෙවූ
කරුණාබර නෙත් නිවී ගියා
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා

වික්ටර් රත්නායක
?????
?????
 ගීතය අසා රස විඳින්න

තණ්හා ආශා

තණ්හා ආශා
තණ්හා ආශා ඔලොගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ... සැපත සොයන්නද මේ යන්නේ
කතරේ.....
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා

උතුරන ගංගා නියඟය ආදා
වියළී යනවා ගහකොල මැලවී
මල් හට ගන්නා වසන්තයම නෑ
හැමදා.....
අප යන මේ ගමනේ
තණ්හා ආශා

අඳුරෙන් ගැලවි
එළිය සොයන්නෝ
හැමදා අඳුරේ අඳුර දකින්නෝ
අඳුර දකින්නෝ
දිවියේ සාරය
දිවියේ සාරය මෙපමණි ඇත්තේ
අඳුරේ.....
අප හැම වල්මත් වී
තණ්හා ආශා

සැපත විනෝදේ උපත කදුළ වේ
විපත පියා වේ මේ ලොව සැපතේ
පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
කිසිදා.....
නැත උන් වෙන් වන්නේ

තණ්හා ආශා
තණ්හා ආශා ඔලොගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ... සැපත සොයන්නද මේ යන්නේ
කතරේ.....
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා

අමරදේව
?????
?????
 ගීතය අසා රස විඳින්න

Thursday, September 3, 2009

රතු පාට මල්

රතු පාට මල් මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුණු
මල් පවන මට තාම මතකයි

සුදු පාට රැලි ගවුම කරදාසි සිරි සිරිය
වැහිදාට තෙත බරිත වීදෝ
හුණු කූරු ගෙවිලා සිතුවම් පොතේ
ඇඳුනේම බලි රූප නේදෝ

ගඳපාන ගැට පේර නෑ දැන් වැටෙන්නේ
හැමදාම දැන්නම් අවාරේ
මගෙ පන්තියේ උන් මා දැන් කොහේදෝ
මොනවා උනාදැයි නොතේරේ

ඉන්ද්‍රානි විජේබණ්ඩාර
?????
?????
 ගීතය අසා රස විඳින්න

එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ

එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ
මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ
එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ
නුඹ කාගෙද නුඹ කාටද මල් එතනෝ

දෙමට කැලෙන් දර අහුලාගෙන එනවා
දෙවැට දිගේ කලයට දිය ගෙන එනවා
ඕළු විලෙන් දිය නා ගෙන ගෙට එනවා
පාළු කුඹුර නුඹ් හින්දම වපුරනවා
මගෙ පාළු කුඹුර නුඹ හින්දම වපුරනවා

කදුරු වෙලෙන් පන් උදුරා ගෙන එනවා
පැදුරු වියා ලස්සන රටා මවනවා
අඳුර මකා හවසට හඳ පායනවා
සොඳුර නිසා ගමටම කිරි උතුරනවා
ප්‍රිය සොඳුර නිසා ගමටම කිරිඋතුරනවා

පෝල් ප්‍රනාන්දු
?????
?????
 ගීතය අසා රස විඳින්න

පෙම් කල වරදට

පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුනු දිනේ

යන එන හමු වන මග අවුරාලා
ආදරයක් වැලකිය හැකිදෝ
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳ දා

චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ

ඉන්ද්‍රානි බෝගොඩ
?????
චන්ද්‍රදාස බෝගොඩ
 ගීතය අසා රස විඳින්න

Thursday, August 27, 2009

තුට කළ ලෙවන්

තුට කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද
ඉට කල අරුත් පුවතර මා නෝන සඳ
රට තුළ සිරින් අවුරුදු මගුල් විය සොඳ
මට තුළ සතොස් නැත නුඹ නාවොතින් අද

උස්සා කර බැලුවෙ දුටුදා සිට නෙතට
උත්සා කරන වගකුත් නෑ පෙනෙන්නට
මැස්සා ඉගිලුනා වැනි ගියෙ ගේ තුළට
ඇස්වා වදිනවද දුටුවම මුහුණ මට

වතාවත් සඳෙව් නෙත් දෙක නිලුපුල්ලා
ඇතා යුග ගමන යයි වටපිට බලලා
ඉතා රතු ලියක් කහවත්තෙදි දැකලා
කතා නොකර ආවෙමි සරණය පතලා

පුන් සඳ දෝ මිදුලේ කර කැවෙන්නේ
රන් බඳ දෝ ගෙයි ඇඳ පිට නිදන්නේ
රන් කොල දෝ ඔය ළමයා ගොතන්නේ
පින් මදි දෝ මා ලං කර නොගන්නේ

එඩ්වඩ් ජයකොඩි
දයානන්ද ගුණවර්ධන
රෝහණ බැද්දගේ
(ගජමන් පුවත වේදිකා නාට්‍යයෙන්)

 ගීතය අසා රස විඳින්න

දොයි දොයිය පුතා දොයි දොයි

දොයි දොයිය පුතා දොයි දොයි
දොයි දොයිය පුතා දොයි දොයි

දොයි දොයිය පුතා
 
මගෙ පුතුට කොකුම්
පිනි දියර සඳුන්
සඳ දෙවිඳු ගෙනත් දෙනවා
රස සිහින ගලා ගෙන එයි

දොයි දොයිය පුතා දොයි දොයි
දොයි දොයිය පුතා දොයි දොයි

දොයි දොයිය පුතා

හෙළ වීර පුතුන්
යුද වැදුණු කලට
කඩු සමග සුර
ත් ලෙලදෙයි
නද අහස් තලේ පැතිරෙයි

දොයි දොයිය පුතා දොයි දොයි
දොයි දොයිය පුතා දොයි දොයි

දොයි දොයිය පුතා

රුක්මණි දේවි
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
?????
(දෛවයෝගය චිත්‍රපටයෙන්)

 ගීතය අසා රස විඳින්න

දරු දුක උහුලා

දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා

මහ මෙර වැනි බර සිතින් උහුලනා
කඳුළැලි සමුදුර නෙතින් සඟවනා
දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා

මව් ඇතිදාටත් සෙනෙහස පුදලා
මව් නැතිදාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා

අමරදේව
ධර්මසිරි ගමගේ
ප්‍රේමසිරි කේමදාස
(පූජා චිත්‍රපටයෙන්)
 ගීතය අසා රස විඳින්න

Sunday, August 23, 2009

සොඳුර මට සමු දෙන්න

සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
ඈත ගමේ සරු පස පෙරලන්නට
මම යනවා අද උදෑසනේ
සොඳුර මට සමු දෙන්න සමු දෙන්න

ගමේ තුරු හිස් අතර පාවී
සවන වැකෙනා කුරුළු ගීතය
ඔබේ මුදු පිය වදන් වාගේ
නිවාලනු මැන මගේ සරතැස

අස්වනු පිදී කරලින් බරවී
මුළු රට ඉතිරේ ජය පානේ
ඉර හඳ පායන වසන්තයේ
අපි බොමු මංගල මධු පානේ

ඩී. ඩී. ගුණසේන
සමන් චන්ද්‍රනාත් වීරසිංහ
ප්‍රේමසිරි කේමදාස

 ගීතය අසා රස විඳින්න

ආත්ම ගණනක සිතුවිලි අතරේ

ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නෑ දුටුවේ
අප දෙ අතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ

සඳවත පායන රෑ කල අහසේ
කැලතී කැලතී සිත් යහනේ
මහද ඇඳෙන්නේ ඒ ඔබෙ රූපෙද
පාළුව තනිකම පටලාලා

මිනිසත් භාවය මා නොලදී නම්
පියඹා එනවා සුවඳ දිගේ
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවනද ඔබෙ ප්‍රේමේ

ශ්‍රීමතී තිලකරත්න
?????
?????

ගීතය අසා රස විඳින්න

Saturday, August 22, 2009

බෝ මළුවේ මල් සුවඳක පැටලී

බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈඳී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ළඟට සැණින්

එතෙර කරන්නම් හතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැණිනේ
එහෙම ගියත් ඒ අය පොඩි සාදූ
කියා කියන විට වැඳ වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා

සනත් නන්දසිරි
ප්‍රණීත් අභයසුන්දර
සනත් නන්දසිරි

ගීතය අසා රස විඳින්න

ළමා වියේ කිරි සුවඳ ගියේ නැති

ළමා වියේ කිරි සුවඳ ගියේ නැති ළමා වියේදී
කසාවතක් හැඳ පොඩි හාමුදුරුවො පුංචිම කාලේ
තනියම හිතිලද මහණ වුණේ

සසර පුරුද්දක් හිතේ තියෙන්නැති
පෙර සංසාරේ පින් කරලා ඇති
පොඩි හාමුදුරුවො පුංචිම කාලේ
තනියම හිතිලද මහණ වුණේ

පොඩි හාමුදුරුවො වාගේ සුරතල්
පුංචි ළමුන්ගේ කෙළි සෙල්ලම් දැක
සන්සුන් ගමනින් කොහෙද වඩින්නේ
සෙල්ලම් පිට්ටනි පසු කරලා

මාලනී බුලත්සිංහල
රඹුකන සිද්ධාර්ථ හිමි
එච්. එම්. ජයවර්ධන

 ගීතය අසා රස විඳින්න

Tuesday, August 18, 2009

චූටී මගෙ දුව චූටී

චූටී... චූටී...
චූටී මගෙ දුව චූටී
ඔන්න අම්ම යන්න හදන්නේ
චූටි විහිළුවක් කරලා චූටි තොත්තුවක් දීලා
චූටි විහිළුවක් කරලා චූටි තොත්තුවක් දීලා
අම්මට දුව යන්න කියන්න
බලන්න ඔය චූටි මූණ
හැන්දැ නොවී එන්න කියන්න
අම්මට දුව යන්න කියන්න

චූටි කාලෙ මටත් චූටි කිව්ව මගේ අම්මා
ඒ කියන්නෙ චූටිගෙ ලොකු අම්මා
හබුං කවන වෙලාවේදි
විහාර මහ දේවී ගැන කියලා දේවී
මිරිස් සැරයි කියලා හෙම අහක බලා ගත්තෝතින්
ලොකු අම්මා ඒ කතාව කියල නොදේවී

හැන්දෑවට මං ආවම චුටි එක්ක මිදුලේ
මල් පඳුරේ මම හැංගිලා ඉන්නම්
කුරුල්ලො එන වෙලාවේදි
අද අර පොඩි චූටික්කා ඒවී
ඒ ආවම චූටිට හැංගිල සෙල්ලම් කරන්න
චූටික්කව මම චූටිට අල්ලල දෙන්නම්

අමරා රණතුංග
?????
?????

ගීතය අසා රස විඳින්න

නීල වර්ණ නීල කොබෙයියෝ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ

උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිළ නොයන්නේ
අඳුර බිඳෙන සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ

එරන් මාල එරන් තෝඩු
එරන් වළලු නැතේ පතන්නේ
අමාව සේ නිමා නොවන
සිනා බිඳක් රැගෙන වරෙන්නේ

ඉන්ද්‍රානි බෝගොඩ
?????
?????

 ගීතය අසා රස විඳින්න

රෑ වැඩ මුරය

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දිය කර හරින්නේ
මැසිම ද හිත ද මහ හයියෙන් හඬන්නේ

නුඹෙ කඳුළැලි ද සයුරේ රළ නගන්නේ
හද සුසුමන් ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ
ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ

සුනිල් එදිරිසිංහ
බන්ධුල නානායක්කාරවසම්
රෝහණ වීරසිංහ

 ගීතය අසා රස විඳින්න

Saturday, August 15, 2009

පූජාසනයේ ඔබ හිඳුවා

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා

ඉසුරින් කිත් යසසින් බබළනදා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණුදා
සිනාසුණත් එය වරදක් වේ

කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ

නන්දා මාලිනී
සුනිල් ආරියරත්න
?????

 ගීතය අසා රස විඳින්න

ඉස්සර විදියට දුව පැන යන එක

ඉස්සර විදියට දුව පැන යන එක
මතකද තහනම් කරපු දිනේ
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ

කරඹ කැලෑවට වවුලෝ ඇවිදින්
රෑ තුන් යම රජ මඟුල් කතී
පාළුව දැනුනම මෙරු රැළ තරහින්
වැලි මාළිග වට කුලල් කතී

රෑ කල තනි යහනේ සැතපෙන විට
දැනුණිද මවකගෙ සෙනෙහෙ ගුණේ
බුදු බණ එතකොට සිහියට එනවද
කියන්න පොඩි හාමුදුරුවනේ

එඩ්වඩ් ජයකොඩි
අමරසේන කංකානම්ගේ
?????

 ගීතය අසා රස විඳින්න

Friday, August 14, 2009

එන්න මදනලේ

එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා දෑස ඈගෙ රතු වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
එන්න මදනලේ….. එන්න මදනලේ…..

ශෝක පණිවුඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝ දූතයා කළා
මට කොයින්ද එම වළා ආමි සුළඟෙ ඔබ බලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා

එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා දෑස ඈගෙ රතු වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
එන්න මදනලේ….. එන්න මදනලේ…..

සංදේශයකින් යවන්න මෙදුක උන් අතේ
ආ….. ආ….. ආ…..
සංදේශයකින් යවන්න මෙදුක උන් අතේ
හංස ගිරා ළිහිණි කොවුල් කුරුල්ලන් නැතේ
සුළඟේ මා අසරණයි මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි

එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ
එන්න මදනලේ….. එන්න මදනලේ…..

තිලකසිරි ප්‍රනාන්දු
කරුණාරත්න අබේසේකර
?????

 ගීතය අසා රස විඳින්න

ගමට කලින් හිරු


ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ

වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විසාකාව වී
මෙත් මග නෙත් හමු වේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැලැවිළි ගීතය
ලොවම නිවන කවියක් වේවා

කරුණාරත්න දිවුල්ගනේ
සුනිල් දයානන්ද කෝනාර
සුනිල් දයානන්ද කෝනාර

 ගීතය අසා රස විඳින්න

Sunday, August 9, 2009

සෙනෙහස රන් සිංහාසන

සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා
මතු සක්විති රජෙක් මගේ උකුලෙ නිදනවා

සුවඳ හැමූ යහන් ගැබේ සෙමෙර සලනවා
වෙසක් මහේ මලක් වගේ කුමරු නිදනවා
කිඹුල්වතින් එන පවනේ සුවය දැනෙනවා
පිනැති පුතුන් උපන් රටට ඉසුරු පිරෙනවා

මධු ගංගා දෙතොල් අතර හැපී බිඳෙන්නේ
රුවන් පුළුන් වළා විමන් මත දැවටෙන්නේ
පොකුරු පොකුරු මල් ගෙන සුර සේනා එන්නේ
මෙවන් සිහින් දැකලාදෝ පුතු හිනැහෙන්නේ

ත්‍යාගා එන්. එඩ්වඩ්
ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
දයරත්න රණතුංග

 ගීතය අසා රස විඳින්න

මල් සූටික්කෝ සිංදු කියාපන්

මල් සූටික්කෝ සිංදු කියාපන්
මා දං අත්තක වාඩි වෙලා
පිලේ ඉඳන් ඒ සිංදු අහන්නම්
හිතේ කඳුළු බිඳු නෙතින් හෙලා

අමතක නොමවන මතක සිහින ළඟ
මා හද ඉකි බිඳ හඬන වෙලේ
පිපෙන කුසුම් ගැන සමනලයන් ගැන
එපාගයන්නට සූටික්කෝ

ලොවකට නෑසෙන මගේ ගීතයට
නුඹේ මියුරු හඬ දීපන්නේ
කණාමැදිරියන් වගේ නිවී ගිය
ආදරයක් ගැන ගයපන්නේ

ඉන්ද්‍රානි විජේබණ්ඩාර
?????
?????

 ගීතය අසා රස විඳින්න

සොවින් පිරි මගේ හදවත

සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා
සුවෙන් මා එදා සැතපූ යහන් මත මහත් විස කටු
තිබෙන්නාවු ලෙසට දැනේ ගතට වේදනා

ගතත් වේදනාවෙන් පිරි සිතත් සෝ දුකින් බරවී
දෙනෙත් අඳ නොවී තිබුණත් ඉනුත් නැහැ සුවේ
කණත් බිහිරි වී නැති මුත් අමුත්තක් වෙලා නැහැ කිසි
එහෙත් ඉන් හොඳක් මිහිරක් මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී

සොවින් පිරි මගේ හදවත තුළින් මතු වෙවී පිට වන
හැඟුම් කැටි ගැසී ගෙන දේ සිතට වේදනා

දෙ අත් සහ දෙපා කොරවී නැතත් ඉන් ලබන්නට හැකි
කිසිත් සම්පතක් සතුටක් මෙතෙක් නැහැ ලැබී
මිහිරි යන වදන පමණක් අසා ඇති නමුත් ඒ තුළ
ඇහිරිලා තිබෙන අරුතක් මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී
මෙතෙක් නැහැ ඇසී

සනත් නන්දසිරි
ප්‍රේමනාත් ජයතිලක
සනත් නන්දසිරි

 ගීතය අසා රස විඳින්න

Thursday, August 6, 2009

සූ සැට බරණින් සැරසීලා

සූ සැට බරණින් සැරසීලා
නා කපනා වැහි වැටෙන වෙලේ
විසාකා තොමෝ පැමිණි විලාසෙන්
මට එන්නට බෑ නිසංසලේ

පමා වුණෝතින් මන්දාරම් යකු
පලාපු දර ටික තෙමා දමාවී
පමා වුණෝතින් රත්තියි පැටියයි
ඕවිට අයිනේ තෙමී නහීවී

පමා වුණොත් දොළ දෙගොඩ තලාලා
ඒ දඬු මංකඩ අගුළු දමාවී
එහෙම වුණෝතින් උපුලියි චූටියි
කඳුළු වතුර බී බලා හිදීවී

නීලා වික්‍රමසිංහ
ජයරත්න ගමගේ
වික්ටර් රත්නායක

ගීතය අසා රස විඳින්න

ඉස්සර මං ගිය පාසල ඇරිලා

ඉස්සර මං ගිය පාසල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනි වී එනවා

ගහකොල සෙලැවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැල
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුණා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳී මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුස ගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ

පොත් පිටු අතරේ නොරැඳුණු දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැගුවා
ඔහුට මුවා වී පාසල් යන්නේ
මා දැයි නිකමට මට හිතුනා

සුනිල් එදිරිසිංහ
?????
?????

තොටමුණ බද සිටි රුවන්මලී

තොටමුණ බද සිටි රුවන්මලී
ගඟ බිලිගත් මගෙ රුවන්මලී
ගමට සිටිය එක රුවන්මලී
ගඟට වරෙන් අද රුවන්මලී

ඉර අවරට යන හැන්දෑ යාමේ
දුම්බර කඳු වැටි මුදුන් වලින්
සිහින් වළාවක් සෙමින් නැගීලා
මේ තොටමුණ බද රැඳී සිටී

සුදු ඔසරිය හැඳ වළා රොදින් බැස
රුවන්මලී තොටමුණට ඇදේ
කළය පුරා දිය උකුලෙ තබා ගෙන
හෙමින් හෙමින් පා නගනු පෙනේ

අමරදේව
උදයසිරි පතිරණ
අමරදේව

ගීතය අසා රස විඳින්න

Sunday, August 2, 2009

බෝල බෝල මැටි

බෝල බෝල මැටි එක එක ගේනව
ගුවන් යානයක් වාගේ පියඹා
උළුවස්සේ පොඩි ගෙයක් හදනවා
කා කැන්දන් එන්නද කුඹලෝ

කොයිබට යනවද කොහෙන් ගෙනෙනවද
නිවස තනන්නට මැටි අනලා
පස්සෙන් එන්නද දුවගෙන එන්නද
ඔබගේ තොරතුරු ගැන සොයලා
ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ
කවුරුද උදව් කරන්නේ

කාමර කීයද ගබඩා කීයද
සැලසුම හැදුවෙත් නුඹම තමයි
නෑදෑයන් හට එන්න කියනවද
නැකතක් බැලුවද සිරිත එයයි
පෙම්බර සුවඳ හමන්නේ
සංගීතයකි ඇසෙන්නේ

එම්. එස්. ප්‍රනාන්දු
?????
?????

 ගීතය අසා රස විඳින්න

ඉවාන් පවුලූෂා

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

අප්සරා ද සිල්වා
චාරුක සුරවීර
ප්‍රියන්ත ඩිරෙක්ස්

ගීතය අසා රස විඳින්න

වනන්තරේ මහ රූස්ස ගහ කොළ

වනන්තරේ මහ රූස්ස ගහ කොළ
බිමට සමතලා කර අම්මේ
රාස්සයි වගෙ යන්ත්‍ර සූත්තර
මහ සද්දෙන් යනවා අම්මේ
සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා
වේල්ල බඳිනා හැටි අම්මේ
බලාන ඉන්නට දවසක නුඹවත්
එක්කරගෙන එන්නං අම්මේ

බින්තැන්නේ මම දහ දුක් විඳලා එදා ගමට ආදා අම්මේ
උඹේ අතින් මගෙ දෑතේ කර ගැට අත ගාලා නාඬන් අම්මේ
මහියංගනයේ හේවිසියේ හඬ හැන්දෑවට ඇහුණම අම්මේ
සිල් අරගෙන උඹ ඉන්නා තාලේ අනේ මතක් වෙනවා අම්මේ

වත්ත පහළ පොල් අතු අහුලන්නට උදෙන්ම යන්න එපා අම්මේ
උදේ රැයින් ඔය පිනි බාලා උඹ ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ
ගිනි මද්දහනේ බැරි බැරි ගානේ ගම්මැද්දේ නොගිහින් අම්මේ
රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ

විජය කුමාරතුංග
අජන්තා රණසිංහ
එච්. එම්. ජයවර්ධන

 ගීතය අසා රස විඳින්න

Friday, July 31, 2009

කුඩා ගමේ මද්දහනේ

කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ මෙමා
හුරේ කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා

මගේ පැළට නුඹ කැන්දං පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ලමැද වසා ගනිං කියා
මගේ අතින් දුන් සළුවෙන් ලමැද වසා ගියා
රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී

සුනිල් එදිරිසිංහ
ධර්මසිරි ගමගේ
?????

 ගීතය අසා රස විඳින්න

සැළලිහිණි කොවුල් හඬ

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුවරැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ

නීල කොබෝ රෑන ගිරා
පිල් විදහා රඟනා මොණරා
කට ඇද කිරළා සහ වලි කුකුළා
හොට දිග පිළිහුඬුවා
අප දැකලා බිය වැදිලා තරගෙට හඬ නැගුවා

කොළ දිවියා රළු කොටියා
කපටි රජා නම් ලද හිවලා
විසකුරු පොළඟා මිනි කන කිඹුලා
පොතුහැර කබරගොයා
රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා

සී. ටී. ප්‍රනාන්දු, ලතා වල්පොල
සරත් විමලවීර
සී. ටී. ප්‍රනාන්දු

 ගීතය අසා රස විඳින්න

පෙම් රැහැනින් මා වෙලන්න

පෙම් රැහැනින් මා වෙලන්න
ඔබෙ සෙවණේ මට හිඳින්න
මම ආසයි ඔබත් සමග
මේ දිවි මග එකට යන්න

මගෙ ආදර විල් ජලයේ
නිල් මානෙල් මලක් වෙන්න
රේණු සලා මල් මුවරද
සිහිල් දියට එක් කරන්න

මම රැය නම් ඔබ පුරහඳ
සිත් අහසේ නැගී එන්න
සඳ සිහිලේ තැවුල් නිවා
රැයත් සමග ගෙවී යන්න

අජන්තා නාකන්දල
මහින්ද දිසානායක
එච්. එම්. ජයවර්ධන

 ගීතය අසා රස විඳින්න

Thursday, July 30, 2009

සුවඳ මල් රේණු පිස එන


සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පදවැල
නුඹේ සිනාවා

සීත පිණි වතුල සඳවත
මොදු වී නිශා නුබ ගැබ
අඳුර මකාවා
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු දළ පෙති
කොපුල් තලාවා

අරුණු දොරකඩින් නැග එන
උදා හිරු කිරණ හදවත
පුබුදු කරාවා
නොබා කරළියට දිව යන
හදට පණ පොවන උල්පත
නුඹේ සිනාවා

ඉමාන් පෙරේරා
යසනාත් ධම්මික බණ්ඩාර
නවරතන ගමගේ

ගීතය අසා රස විඳින්න

ආදර හැඟුම්

ආදර හැඟුම්
ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි
ඒ හැඟුම්
ආදර හැඟුම්

කිති කවයි හද කිතිකවයි
ඒ හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

සැඳෑ අදුරේ සැලෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
නැගෙන ගණඳුර වඩයි සිතුවිලි
මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි
ආදර හැඟුම්
ආදර හැඟුම්

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නො ඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුලෙ බමරුන් නොවෙද ඉන්නේ

ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

අමරදේව
දයානන්ද ගුණවර්ධන
?????
(බක්මහ දීගේ චිත්‍රපටය)

 ගීතය අසා රස විඳින්න

බිංදු බිංදු මල් වැස්සේ

බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී

ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා
දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී

නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් ඉපෙනවා
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා

ආල හැඟුම් මං හින්දා.....

ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා

බිංදු බිංදු මල් වැස්සේ.....
ආල හැඟුම් මං හින්දා.....

එඩ්වඩ් ජයකොඩි, නන්දා පතිරණ
?????
?????

 ගීතය අසා රස විඳින්න

Monday, July 27, 2009

සුවඳයි මල් සුවඳ සේ

සුවඳයි මල් සුවඳ සේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ

මල් පියලි විසිරෙයි වනේ
රොන් සුවඳ සුළඟට දැනේ
නැහැ පුඩුව සිනිඳුයි ඒ සුවඳ පුරුදුයි
මල් කැකුළු පූදින්න වාගේ

දිය කඩිති නිල් බර වුණේ
පොඩි තිත්ත පැටවුන්ටනේ
අල්ලන්න ආසයි උන් එක්ක යාළුයි
පීනන්න දිය කඩිති ගානේ

සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි
ලූෂන් බුලත්සිංහල
ප්‍රේමසිරි කේමදාස
(ඇසළ කළුවර ටෙලි නාට්‍යය)

ගීතය අසා රස විඳින්න

ඔබ රූ සිරියෙන්

ඔබ රූ සිරියෙන් මන්මත් වී මම
නොකෙලෙමි අනුවණ කම්
මුලා වුණේ ඔබ මුලා නොවිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

හැඩි දැඩි අප හට හුරු වූ වන ගැබ
අපගේ උරුමය රකිනා රිසියෙන්
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

එඩ්වඩ් ජයකොඩි
ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
අමරදේව

 ගීතය අසා රස විඳින්න

උල ලේනෝ

පාළුව දෙවනත් කර නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා
උල ලේනෝ... උල ලේනෝ...

හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ
නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ
නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගියදා මේ හැම දුක නැති වන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

ගුණදාස කපුගේ
රං බණ්ඩා සෙනෙවිරත්න
සේන වීරසේකර

 ගීතය අසා රස විඳින්න

Friday, July 24, 2009

රත්න දීප ජන්ම භූමි

රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි

මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අතීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි

සින්ධූපමාන වැව් තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙලූ ප්‍රාණ වායුවයි

ගංගා තරංග රාව දී රිදී වනින්
මල් පිපී කුලින් කුලේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැගී
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

අමරදේව
මහගමසේකර
අමරදේව

 ගීතය අසා රස විඳින්න

සිල් ගත් දෝතට

සිල් ගත් දෝතට පියුම් පිපෙනවා
පින් හිත පුර හඳ බුදුන් වඳිනවා
මිත්තණියේ නුඹ සිල් රෙදි පොරවා
පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා

බෝසත් සිරිතේ කතා කියා දී
බෝසත් ගති ගුණ පුරුදු කළා
බෝසත් දරුවන් රටකට බිහි කළ
මිත්තණියේ නුඹ නිවන් දකිනවා

බාලේ සිට අප තුරුලට අරගෙන
ආල වැඩූ අම්මා වාගේ
පෑ සෙනෙහස රන් රුවන් වටිනවා
මිත්තණියේ නුඹ නිවන් දකිනවා

එඩ්වඩ් ජයකොඩි
රඹුකන සිද්ධාර්ථ හිමි
රෝහණ වීරසිංහ

 ගීතය අසා රස විඳින්න

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්

වල්මත් වූවන් දැක මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා

කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
මුවගේ හසරැළි රඳවා
තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැඳවා

චන්ද්‍රලේඛා පෙරේරා
සුනිල් ආරියරත්න
රෝහණ වීරසිංහ
(රේඛා ටෙලි නාට්‍යය)

ගීතය අසා රස විඳින්න

Monday, July 20, 2009

මිණි මිණි මිණි පොද වැටිලා


මිණි මිණි මිණි පොද වැටිලා
වැව දොළ පිරෙනවා තෙතඟු
වැහි වතුරේ බිඳුවක්වත්
වුණොත් නේද අගේ යාළු

කුඹුරේ මා වී පැහිලා
කරල් කැපෙනවා තෙතඟු
වී කරලක ඇටයක්වත්
වුණොත් නේද අගේ යාළු

තුඩින් තුඩග රස ලිය ගී
රාව නැගෙනවා තෙතඟු
රස ගීයක පදයක්වත්
වුණොත් නේද අගේ යාළු

වැව පාමුල මහ සෑයේ
රන් කොත දිලෙනවා තෙතඟු
සෑයේ වැලි කැටයක්වත්
වුණොත් නේද අගේ යාළු

සේනානායක වෙරලියද්ද
මහින්ද දිසානයක
ගුණදාස කපුගේ
(මියුරුසර වසන්තයේ ගී-1998)

පින්න මලේ සුද

පින්න මලේ සුද ඇන්න ගිහින්වද
මුහුණ පුරා පෙම පිරිලා
ඉන්න එපා නුඹ හැන්දෑකරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා

දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතේ
මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට
ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ

ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ
එන්නෙ අළුත් අවුරුදු කාලේ
ගන්න එපා පර දේස සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ

එඩ්වඩ් ජයකොඩි
අමරසේන කංකානම්ගේ
රෝහණ වීරසිංහ

 ගීතය අසා රස විඳින්න

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ

ව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ

දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි දූ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ

රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ

ටී. එම්. ජයරත්න
රඹුකන සිද්ධාර්ථ හිමි
ප්‍රේමසිරි කේමදාස

 ගීතය අසා රස විඳින්න

Sunday, July 19, 2009

මේ තරම් සියුමැලිද කළු ගල්

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා

කලා වැව ළඟ ඉළුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා
තවම තනිකඩ යැයි කියා

සුනිල් එදිරිසිංහ
රජී
වෙල්ගම
දර්ශන රුවන් දිසානයක

මේ අහස මේ වගෙම

මේ අහස මේ වගෙම ගණ නිල් සළුවකින් එතී
සැරසුණු එක් වසන්තයක හමු වුණා අපී
ගහ කොළ ද මල් පිපී සැරසී සුළඟෙ දඟ වෙවී
ඔබයි මමයි එක් කළ හැටි සිහිනයක් මෙනී

ඒ අතීතයේ ඔබ මිමිණූ වදන් යළි යළී
රාව නගන විට දෙනුවන් බොඳව යයි සැලී
අතීතයේ මතක සුවඳ සුසුම් හා වෙලී
නටඹුන් සෙනෙහසේ නුවර ගොස් ලැගුම් ගනී

ඒ අහසමයි යළිත් අද නිල් සළුවකින් එතී
වසන්තයට මල් පිපෙනව සුළඟෙ දඟ වෙවී
වසත් සියොත් කැල ගැයුවද ප්‍රේමයේ කවී
අපේ හදේ වස්සානය තවම නිම නැතී

කරුණාරත්න දිවුල්ගනේ
සුනේත්‍රා අළුත්දුන්න
නාලක සම්පත් වීරසිංහ,කරුණාරත්න දිවුල්ගනේ


කිරි ඉද්ද ගහට සුද අරගෙන

කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට

අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
ගඟ නතර වුණාදැයි කියන්න මුවදොර නොම දැක
පසු තැවෙන අපේ සිත් තනි කර ලොව දුර ගමනක

මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
මුහුණුවර දන්න ගස් වැල් අප නැතත් පඳුරු ලන
ජීවිතය කියා දී එකිනෙක පරමල් හිනැහෙන

ක්‍රිෂාන්ත එරන්දක
රවි සිරිවර්ධන
රෝහණ වීරසිංහ

ගීතය අසා රස විඳින්න 
 

Sunday, July 12, 2009

සබඳ අපි කඳු නොවෙමු

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන

ගුණදාස කපුගේ
දර්ශන මේදිස්
ගුණදාස කපුගේ

ගීතය අසා රස විඳින්න

සොඳුර නුඹ ලිහිණියක

සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මම ද ලිහිණියකු වෙමි කැඩුණු තටු පිරිමදින

අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑල හැර දැමූයේ කවුද
සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය

කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනක

ගුණදාස කපුගේ
රත්න ශ්‍රී විජේසිංහ
ගුණදාස කපුගේ

 ගීතය අසා රස විඳින්න

Friday, July 3, 2009

සඳ ද වසා හිරු ද වසා

සඳ ද වසා හිරු ද වසා තරු ද පිස දමා
ඇමද අහස සයුරු දියෙන් ඇඟිළි තුඩු තෙමා
ලියමි අකුරු සතරක් එහි මගේ සුරතින්
ඔබ ආ කල කියවමි එය බල බලා නෙතින්
ආදරේ..... ආදරේ.....

ගඟ සමුදුර තුරුලිය ගොමු කඳු ඉම හමුවේ
අග හිඟයක් නැති විලසින් අතු දළු නැමුවේ
මග පියවර සළකුණු දිග පෙර මග හමුවේ
දුටුවා සිරි වැසි දියරෙන් මිහිකත තෙමුවේ

ලය සරැලිව පවනට මුදු ගී රස මුමුණයි
රැය සඳ වත තරු මුතු කැට ගෙල වට අමුණයි
ඔබ පිළිබඳ මගෙ මතකය හෙමිහිට පිපුණයි
මී මැසි තුඩ තුඩ ගා ඒ රස මට දැනුනයි

නිර්මලා රණතුංග
ප්‍රේමකීර්ති ද අල්විස්
විජේරත්න රණතුංග

ගීතය අසා රස විඳින්න

සුදු ඇඳගෙන සඳ ඇවිදින්

සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුණු සිත ගෙනයයි කඳුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට

බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුණි මට
ඇයිදැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරද ද මගෙ වරද ද
එය මා දන්නේ නැත

නුඹ මා ලොව කළුවර කර පැන ගිය පලියට
කෙලෙසක දොස් පවරමි නුඹ් හට
කිසිකෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට

කරුණාරත්න දිවුල්ගනේ
යමුනා මාලනී පෙරේරා
?????

 ගීතය අසා රස විඳින්න

පාත ඉඳන් අපි ආවේ

පාත ඉඳන් අපි ආවේ
නා මල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න

හීල් හෙවණෙ හිඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න
ඇඟ පත කළු වුණත් අපේ
කිළි කුණු නැති හිත බලන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න

මූදු ගියා ලෙලි තැළුවා
පිළි ගඳින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න

වික්ටර් රත්නායක
රත්න ශ්‍රී විජේසිංහ
වික්ටර් රත්නායක

ගීතය අසා රස විඳින්න

Saturday, June 27, 2009

මොනවද අම්මේ අකුරු ජාතියක්

මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා

පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
වනන්තරේ හරි වැඩ කෙරෙතී
බෝසත්වරු බණ කතා කියද්දී
වන දෙවඟනො මල් වල ලියතී


මේ වගෙ ලස්සන පාට අපට නෑ
කොතැනින් මේවා ගෙන එන්නේ
කොහොමද අම්මේ මේව කියන්නේ
මට නෑ මොකවත් තේරෙන්නේ

ඉර පායන කොට ඉර බැස යන කොට
පාට වළාකුළු ඇත අහසේ

ඒවායින් මේ මල් පැහැ ගන්වයි

ඒව කෙරෙන්නේ හොර රහසේ


අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ
කිචි බිචි ගා මොනවද කියතී
උන් දන්නව ඇති මේ මල් වල ඇති
පුංචි අකුරු නිතරම බලතී

ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
කුරුළු ගීත වල රස මතුවේ

එක එක තාලෙට කියන කියන දේ

මල් කොළ වල තව තව ලියැවේ


බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්
පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ
මල් ද කුරුල්ලන් කොහි යනවා

බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ

මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම

මල් කොළ වලටත් සතුට නැගේ


කිංස්ලි ජයසේකර, ප්‍රිසිලා ඕපාත
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
?????

ගීතය අසා රස විඳින්න

ආදරයේ උල්පත වූ අම්මා

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිලේ එල්ලී

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජිවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙන දී දිවියට නව පණ ලැබ දී
මා දැඩි කල අම්මා

වික්ටර් රත්නායක
ප්‍රේමකීර්ති ද අල්විස්
වික්ටර් රත්නායක

 ගීතය අසා රස විඳින්න

පිපුණු මලේ රුව

පිපුණු මලේ රුව එ මල දනී දෝ
මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා

කටු මැටි බිත්තිය හැඩ කර අඳිනා
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් හිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ ඇස නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතලන් හිත මා ආදර දියණියනේ
පාළු කරට නුඹෙ ඇස නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

නන්දා මාලිනී
ලූෂන් බුලත්සිංහල
පී. ඩන්ස්ටන් ද සිල්වා

 ගීතය අසා රස විඳින්න

Sunday, June 21, 2009

ටජ් මහලක්

ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමී
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී

සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන
අන්ධය දෙනයන බිහිරිය දෙසවන

ටජ් මහලක්...

මගේ උදානය අමිල නිධානය
ඔබමය ජීවය මිහිරිය දෙසවන

ටජ් මහලක්...

තිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු ඔබය මියෙන තුරු

ටජ් මහලක්...

එච්. ආර්. ජෝතිපාල
කරුණාරත්න අබේසේකර
සරත් දසනායක

 ගීතය අසා රස විඳින්න

බෝ පතක් වැටෙන සේ

බෝ පතක් වැටෙන සේ
නුඹ වැටී ලෙඩ ඇඳේ
නිසොල්මනේ ඇයි අම්මේ
පෙරහැරක් වගේ සිටි
කොඩි වැලක් වගේ නැගි
දූ පුතුන් කොහේ අම්මේ

මුතු පබළු අතේ නැත
සවි බලද හිතේ නැත
තනිකමද හිතින් දැරුවේ
කිරි සුවඳ හමා ගිය
මහ ගෙදර පාළු බව
මව් සුවඳ වසා පැතිරේ

සිල් සුවඳ පිරූ සිත
ගුණ සුවඳ දැනේ මට
පන්සලක් වගේ අම්මේ
සා දුකින් පෙලෙන සඳ
කිරි පොවා කඳුළු හෙලු
නුඹ නිවන් දකින් අම්මේ

අජන්තා නාකන්දල
රඹුකන සිද්ධාර්ථ හිමි
?????

 ගීතය අසා රස විඳින්න
 

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යටගිය දවසේ දෑස ගියා ඉගිළී

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමං තලේ

රිය ඇතුළේ උණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහි වී
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ

රෝහණ වීරසිංහ
ලූෂන් බුලත්සිංහල
පුණ්‍යසිරි මහවත්ත  

ගීතය අසා රස විඳින්න 

Sunday, June 14, 2009

ලඳු ඕවිටි කලල් මතින්

ලඳු ඕවිටි කලල් මතින් සුසුම් ගඟක් ගලනවා
බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා
අලුත් පාර හැදෙනවා

හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා
පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
දූවිලි මද පවන් හමා ගිමන් නිවනවා
දෑතේ කර ගැට දෙතොලට පවන් සලනවා

අපේ ශ්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා
රන් දහදිය තාර වෙලා උඩින් ගලනවා
මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා
පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා

එඩ්වඩ් ජයකොඩි
කුමරදාස සපුතන්ත්‍රි
රෝහණ වීරසිංහ
 
 ගීතය අසා රස විඳින්න
 

ඇය යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුලක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවෙනා බව
මද පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර

අමරසිරි පීරිස්
සුනිල් සරත් පෙරේරා
එච්. එම්. ජයවර්ධන
 

 ගීතය අසා රස විඳින්න
 

කොහොම අතැර දමා යමුද

කොහොම අතැර දමා යමුද මේ හිතවත්කම්
පෙර සසරින් ආ දේවල් ආලවන්තකම්

ඉර කියන්නෙ අත හරින්න අපේ සබඳකම්
සඳ කිව්වෙත් එපා කියා මේ හිතවත්කම්
මොනවාදෝ මේ හැටි අපි කල නොපනත්කම්
ඉර හඳ තරු දන්නවාද අපෙ යහපත්කම්

ඇළත් දොළත් ගලා යන්නෙ කරමින් සරදම්
ගසුත් වැලුත් බලා ඉන්නෙ දෙවමින් අවමන්
මුළු ලෝකෙම ඇයි කරන්නෙ මෙහෙම නපුරුකම්
ඇළ දොළ ගහකොල දන්නෙද අපෙ මනුස්සකම්

නිරංජලා සරෝජිනී
සමුද්‍ර වෙත්තසිංහ
එච්. එම්. ජයවර්ධන 

 ගීතය අසා රස විඳින්න
 

Saturday, June 13, 2009

කැරකෙන රෝදේ

කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ
පදික වේදිකා පසු කර යන්නට
තල්ලු කරන් පුතුනේ

කැඩුණු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ

කිරි කැටි දෙ අතේ සවි බල දියවේ
පමා වුණොත් අප මහ මග තනි වේ
අම්මා මග ඇති නෙත් හරවා ගෙන
තල්ලු කරන් පුතුනේ

එඩ්වඩ් ජයකොඩි
සිරිල් සමරකෝන්
කළණි පෙරේරා 

 ගීතය අසා රස විඳින්න
 

සිහිල් සුළං රැල්ලේ

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ... කතර දෙව් ලොවක් වේ...

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ... අමා සුවය පැතුවේ...

වික්ටර් රත්නායක
සේන වීරසේකර
වික්ටර් රත්නායක 

 ගීතය අසා රස විඳින්න
  

ලිහිණින් රෑන පියා සලන්නේ

ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක්මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ලිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

ගඟ දිය හඬන්නේ විහඟුන් අසන්නේ
නුඹ කොතැනකද කියාලා
නුඹ කොතැනකද කියාලා
පෙර සේ මා සොයාලා මහ දේ ගිනි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරන්

මට හිමි මනාලී පිට ගම් ගියාවේ
විරසක නොවෙන් කියාලා
විරසක නොවෙන් කියාලා
සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැසීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්

ප්‍රියා සූරියසේන
ධර්මරත්න පෙරේරා
සරත් දසනායක
 

 ගීතය අසා රස විඳින්න
  

Sunday, June 7, 2009

මේ ඉර හඳ යට හමුවී

මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා

දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුලක් ඉතිරි වෙලා

එඩ්වඩ් ජයකොඩි
රඹුකන සිද්ධාර්ථ හිමි
එම්. ආර්. චූලසිංහ
 
 ගීතය අසා රස විඳින්න
 

මේ නගරය

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි

වැව් ඉවුරේ දිය රැළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඔබෙ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

මර්වින් පෙරේරා
ප්‍රේමකීර්ති ද අල්විස්
මර්වින් පෙරේරා
 
 ගීතය අසා රස විඳින්න