Sunday, July 12, 2009

සබඳ අපි කඳු නොවෙමු

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන

ගුණදාස කපුගේ
දර්ශන මේදිස්
ගුණදාස කපුගේ

ගීතය අසා රස විඳින්න

4 comments:

  1. ලස්සන සිංදුවක්...

    ReplyDelete
  2. ('උතුරින් දකුණට' - දර්ශන මේදිස් ගේ 'කඳුලු මිටියාවත' කෘතිය)

    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය කඳුරු වෙමු
    එකම කන්දෙන් වැටෙන

    වියරු ගිනිදැල් නොවෙමු
    වනය අවුලා තබන
    මුරුගසන් වැස්ස වෙමු
    දැවෙන කැලයට වහින

    චන්ඩ පවනක් නොවෙමු
    දෙරණ අතුගා දමන
    මන්ද මාරුතය වෙමු
    දෙකොන සිපගෙන හමන

    නපුරු හීනය නොවෙමු
    ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු
    දනන් නින්දෙන් මුදන

    යකඩ පිත්තල නොවෙමු
    රජුන් උඩ පැන තලන
    බුරුත-කොස්-නැදුන් වෙමු
    උනට එසවිය නොහෙන

    පිදුරු-පොල් අතු නොවෙමු
    පැරණි ගෙට සෙවිලි වන
    සබඳ අපි ගඩොලු වෙමු
    අලුත් ගෙපැලක් බඳින

    ReplyDelete
    Replies
    1. දිය කඳුරු? Or දිය දහර?

      Delete
    2. මුල් කවියෙ තියෙන්නෙ දිය කඳුරු. කපුගේ ඒක දිය දහර කළා.

      Delete