Friday, July 3, 2009

සුදු ඇඳගෙන සඳ ඇවිදින්

සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුණු සිත ගෙනයයි කඳුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට

බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුණි මට
ඇයිදැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරද ද මගෙ වරද ද
එය මා දන්නේ නැත

නුඹ මා ලොව කළුවර කර පැන ගිය පලියට
කෙලෙසක දොස් පවරමි නුඹ් හට
කිසිකෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට

කරුණාරත්න දිවුල්ගනේ
යමුනා මාලනී පෙරේරා
?????

 ගීතය අසා රස විඳින්න

1 comment:

  1. වැඩේ එළ....

    මචන් සිංඳුවක් දානකොට ඒක ගන්න ලින්ක් එකකුත් දාන්න බැරිද?

    ReplyDelete