Sunday, April 10, 2016

ලා ඉරෙන් ඉල්ලා රම්‍ය ගී මාලා


ලා ඉරෙන් ඉල්ලා රම්‍ය ගී මාලා
සීතලේ පින්නේ පීදිලා
මාලතී සේනා මල් ලන්දේ ගම් මැද්දේ
තාම මට සුවඳයි සේ එදා

මාල ගිරවුන්නේ අතු පතරේ හැංගී
බාල වසුපැටියෝ නාඬන්නේ
නීල රළ රැල්ලේ මුතුලැල්ලේ පාවෙලා
මා කෙසේ ඉන්දෝ ඉතින් අනේ

අම්මේ ඔබ තුරුලෙන් වෙන් වෙලා
යන්නේ සිත ඔබ ළඟ රඳවලා
මා රෑ සිහිනෙන් සෑමදා
ගම් පියසේ ගී ගයා
ඔබ නින්දෙන් ඇහැරවා
සැඟැවී යන්නේ

ලා ඉරෙන් ඉල්ලා රම්‍ය ගී මාලා
සීතලේ පින්නේ පීදිලා
මාලතී සේනා මල් ලන්දේ ගම් මැද්දේ
තාම මට සුවඳයි සේ එදා

නාඬන් දූ ගැන කඳුලැල් සලා
සීනෙන් ඔබ ළඟමයි සදා
මා එනතුරු හෙට ගම් බලා
අම්මා ඇත මග බලා
සියොතුනි නොරැඳී කැලේ
සනසන්නේ

නීලා වික්‍රමසිංහ
?????
නිමල් මෙන්ඩිස්

කොයිද කියා මන්ද කියා

කොයිද කියා මන්ද කියා
නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ එළිය
සොඳුර ඔබ විනී

පෙමෙහි රසත් එහි ඵලයත්

ඔබෙන් උගතිමී
දිවි හිමියෙන් හද බැතියෙන්

ඔබට පින් දෙමී

කොයිද කියා මන්ද කියා
නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ එළිය
සොඳුර ඔබ විනී

නොතිර ලොවේ විරහ දුකේ

අඳුර හිමි විනී
මරු කතරේ සුළඟ ලෙසේ

තනිව පිට වෙමී

චාර්ල්ස් ‍තෝමස් සහෝදර තුමා
කාලෝ ෆොන්සේකා
?????

Saturday, April 9, 2016

ආරාධනා

ආරාධනා ආරාධනා
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා ආරාධනා


නෙලූ සුපෙම් කැටයම් හද පවුරැ තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා ආරාධනා
 

එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ
ඔබේ උණුසුමේ යළිදු උපන්නෙම්
බිඳුණු එවන් රජ දහනින් සමු ගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා ආරාධනා
 

අමරදේව
කුලරත්න ආරියවංශ
රෝහණ වීරසිංහ
('ආරාධනා' චිත්‍රපටයෙන්)

Friday, April 8, 2016

හිරු අවරට යන සැන්දෑ යාමේ

හිරු අවරට යන සැන්දෑ යාමේ
මතක පොතේ පිටු තුළට වැදී
සොඳුරු හැඟුම් උණු කඳුළු බිඳක් වී
නෙතගින් රූරා ගලා බසී

මුදුඟිල්ලට රන් පැහැයක් එක්කර
දෑඟිලි හුයකින් වෙලා තියා
මා හද අරණේ පිපුන පැතුම් මල්
වසන්තයට පෙර පරව ගියා

බොඳ කර රෑ දුටු සුන්දර සිහිනය
දුරු රටකට ඔබ වෙන්ව ගියා
මංගල යහනේ ආදර තිලකය
කඳුලින් පමණක් ඇඳී ගියා

නන්දා මාලිනී, පුෂ්ප කරුණාරත්න
විපුලසිරි කෝට්ටේගොඩ
පුෂ්ප කරුණාරත්න

Monday, April 4, 2016

පාවේ වළා ඈත කඳු බලා

පාවේ වළා ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා

කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ
මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් නැතේ නුවන් දිය සිඳේ
පහන් පෙම දිනේ

හාදව පෙම් බැන්ද රුවින්
පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ
දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ සහන් එළි නැගේ
පහන් පෙම දිනේ

වික්ටර් රත්නායක
?????
?????

පන්ති නැති ඉස්කෝලෙ බිඳලා

පන්ති නැති ඉස්කෝලෙ බිඳලා
ජීවිතේ ගැන එපා ටියුෂන්
හෝඩියට ආදරේ අරගෙන
ආයෙමත් එනවාද දුයිෂෙන් 
ආයෙමත් එනවාද දුයිෂෙන් 

ගුරුතුමනි ඔබ නො එන දවසක
වෘක රෑනක් ඇවිත් මෙබිමට 
වසන්තය ගෙන ගියා ගොදුරට
ඔබේ ආදර පුංචි සිසුවිය
බළල් පැටියා තුරුලු කරගෙන 
අඬනවා හැමදාම හවසට
අඬනවා හැමදාම හවසට

ඇගේ හිත කියවන්න දන්නේ
ඔබම පමණයි ගුරුතුමානනි
හෝඩියම දන්නැති වුණත් ඔබ
හෝඩියම දන්නැති වුණත් ඔබ

සැඳෑ සුළඟේ සැලී වැලපෙන
අතක පොප්ලර් තුරක ශෝකය
කවුරු නම් හඳුනයිද ඔබ මිස
මේ මහා තණ බිමේ සැඟවුන 
ඔබේ උත්තම නොකී ප්‍රේමය
සසල කරවයි ලොවේ හදවත

හිම කුණාටුව දෙබෑ කරගෙන 
අස්සයා නැතිනම් පයින් වත්
සහතිකයි ඔබ නැවත එන වග
සහතිකයි ඔබ නැවත එන වග
සහතිකයි ඔබ නැවත එන වග

පන්ති නැති ඉස්කෝලෙ බිඳලා
ජීවිතේ ගැන එපා ටියුෂන්
හෝඩියට ආදරේ අරගෙන
ආයෙමත් එනවාද දුයිෂෙන් 
ආයෙමත් එනවාද දුයිෂෙන්

සමන් ලෙනින් 
රජී වසන්ත වෙල්ගම 
දර්ශන රුවන් දිසානායක

නිය පෙළ සිඳලයි දෑත පාන්නේ

නිය පෙළ සිඳලයි දෑත පාන්නේ
තුරුලට ගන්නට ආදරයෙන්
දැලිපත සිඳලයි කොපුල පාන්නේ
මුව සිප ගන්නට ආදරයෙන්

මව් නැති යාමේ මා උර මඬලේ
දෙතොල් හොවයි කිරි සුවඳ සොයා
දහදිය සුවඳක් දැනුනිද පුතුනේ
දෙරණට මුහු වන නුඹ වෙනුවෙන්

නිදි නැති යාමේ මා ලය තුරුලේ
කැළුම් ගෙනෙයි මුදු සිනහ පපා
උණුසුම් සුසුමක් දැනුනිද පුතුනේ
පවනට මුහු වන නුඹ වෙනුවෙන්‍

වික්ටර් රත්නායක
?????
?????