Monday, April 4, 2016

හදන්නට වැහි බිංදුවක්

හදන්නට වැහි බිංදුවක්
පොළොව ගහකොළ විඳි දුකක්
දන්නවා නම් තෙමෙනවා ඔබ
මහා වැස්සේ කල්පයක්

ඔබ සොයා ගෙන ආ දුරක්
වින්ද අපමණ දුක් කඳක්
දන්නවා නම් යන්නෙ නෑ ඔබ
මා දමා මේ හැටි දුරක්

නෙතට නිදි නැති රැය දුකක්
ඉසිඹුවක් නොලදිමි පැයක්
ඔබව හිත ළඟ බලා ගත් හැටි
දන්නෙ නෑ ලොව කවුරුවත්

කරුණාරත්න දිවුල්ගනේ
නාරද විජේසූරිය
රෝහණ ධර්මකීර්ති

No comments:

Post a Comment