Thursday, February 4, 2010

සිරි සමනොළ සිරසින් මුදුන් වන දහසක් අපගේ ප්‍රාර්ථනා

සිරි සමනොළ සිරසින් මුදුන් වන
දහසක් අපගේ ප්‍රාර්ථනා
මහාවැලිය මහ ගඟ උතුරා යන
සුවිපුල් නිවහල් ප්‍රාර්ථනා

අලුත් ඉරෙන් මුළු රටට උදා වන
අමයුරු සුමියුරු ප්‍රාර්ථනා
යව්වනියන්ගේ හද තුළ නලියන
ආදරයේ රස ප්‍රාර්ථනා
ප්‍රාර්ථනා ප්‍රාර්ථනා
ආදරයේ රස ප්‍රාර්ථනා

මල් ගොමුවට බිඟු මිණි දැල් බන්දා
පිපී පිපී එන ප්‍රාර්ථනා
ගෙන් ගෙට යා වන බිළිඳු සිනාවෙන්
දිව එන සුරතල් ප්‍රාර්ථනා
ප්‍රාර්ථනා ප්‍රාර්ථනා
දිව එන සුරතල් ප්‍රාර්ථනා

අමරදේව ඇතුළු පිරිස
?????
????? 
 ගීතය අසා රසවිඳින්න


සසර වසන තුරු

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

අමරදේව
????
අමරදේව 
 ගීතය අසා රසවිඳින්න


ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය

ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
හිඳිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ

සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ

පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතුවිලි උදෙසා කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ

අමරදේව, සුනිල් එදිරිසිංහ
මහගමසේකර
අමරදේව
 ගීතය අසා රස විඳින්න