Monday, April 4, 2016

මේ වසන්තය ගෙවී යන්නට ළඟයි

මේ වසන්තය ගෙවී යන්නට ළඟයි
ඔබ පිපී හිනැහුනේ අවසාන දවසකයි
හිඳුණු ජීවිත පතුල හාරා
නුඹට දෙන්නට සෙනෙහෙ දිය බිඳුවක්
සොයමි මම තවමත්

පෙමට සරි වුණ බැලුම් ඇති මුත්
බලනු කෙලෙසද අඳුරු වූ දෑසින්
යනෙනු බෑ නුඹෙ දෑත අරගෙන
නොවේ කාලය නුඹ සිතන මනරම්

කියූවද නුඹ ජීවිතේ ගැන
මිහිරි සැමරුම් හුරු සසර මතකෙන්
නොවී හිනු මැන මගේ සොඳුරිය
ඉදුණු හිසකේ සිනාසෙයි රහසින්

කරුණාරත්න දිවුල්ගනේ
බණ්ඩාර බෙලිකැටමුල්ල
දර්ශන වික්‍රමතුංග

No comments:

Post a Comment