Monday, April 4, 2016

සංසාරේ එක මොහොතක් නැවතිලා

සංසාරේ එක මොහොතක් නැවතිලා
කල්පයක් ගෙවුනු හදවත ගොළු වෙලා
ලොවම සසල විය ලොවම නිසල විය
ඔබේ නීල නෙතු රැහැනේ දැවටිලා
වසන්තයේ පෙම් කුළුඳුල් කැකුළු පිපීලා
පෙම් කැකුළු පිපීලා

එක මොහොතද සංසාරේ මා නැවතුනේ
පුරා කල්පයක් ගෙවුනිද හද ගොළු වෙලා
මුවින් නොකී බස නුවන් අගින් බැස 
ඔබේ නීල නෙතු රැහැනේ දැවටිලා
වසන්තයේ පෙම් කුළුඳුල් කැකුළු පිපීලා
පෙම් කැකුළු පිපීලා

සංසාරේ එක මොහොතක් නැවතිලා
කල්පයක් ගෙවුනු හදවත ගොළු වෙලා
ලොවම සසල විය ලොවම නිසල විය
ඔබේ නීල නෙතු රැහැනේ දැවටිලා
වසන්තයේ පෙම් කුළුඳුල් කැකුළු පිපීලා
පෙම් කැකුළු පිපීලා

අමරදේව
?????
?????

No comments:

Post a Comment