Monday, July 27, 2009

සුවඳයි මල් සුවඳ සේ

සුවඳයි මල් සුවඳ සේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ

මල් පියලි විසිරෙයි වනේ
රොන් සුවඳ සුළඟට දැනේ
නැහැ පුඩුව සිනිඳුයි ඒ සුවඳ පුරුදුයි
මල් කැකුළු පූදින්න වාගේ

දිය කඩිති නිල් බර වුණේ
පොඩි තිත්ත පැටවුන්ටනේ
අල්ලන්න ආසයි උන් එක්ක යාළුයි
පීනන්න දිය කඩිති ගානේ

සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි
ලූෂන් බුලත්සිංහල
ප්‍රේමසිරි කේමදාස
(ඇසළ කළුවර ටෙලි නාට්‍යය)

ගීතය අසා රස විඳින්න

2 comments:

  1. ලස්සන සින්දුව..

    ReplyDelete
  2. හිතක උපදින නැවුම් බලාපොරොත්තු..... ලස්සනයි.

    ReplyDelete