Thursday, July 30, 2009

සුවඳ මල් රේණු පිස එන


සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පදවැල
නුඹේ සිනාවා

සීත පිණි වතුල සඳවත
මොදු වී නිශා නුබ ගැබ
අඳුර මකාවා
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු දළ පෙති
කොපුල් තලාවා

අරුණු දොරකඩින් නැග එන
උදා හිරු කිරණ හදවත
පුබුදු කරාවා
නොබා කරළියට දිව යන
හදට පණ පොවන උල්පත
නුඹේ සිනාවා

ඉමාන් පෙරේරා
යසනාත් ධම්මික බණ්ඩාර
නවරතන ගමගේ

ගීතය අසා රස විඳින්න

No comments:

Post a Comment