Sunday, June 21, 2009

බෝ පතක් වැටෙන සේ

බෝ පතක් වැටෙන සේ
නුඹ වැටී ලෙඩ ඇඳේ
නිසොල්මනේ ඇයි අම්මේ
පෙරහැරක් වගේ සිටි
කොඩි වැලක් වගේ නැගි
දූ පුතුන් කොහේ අම්මේ

මුතු පබළු අතේ නැත
සවි බලද හිතේ නැත
තනිකමද හිතින් දැරුවේ
කිරි සුවඳ හමා ගිය
මහ ගෙදර පාළු බව
මව් සුවඳ වසා පැතිරේ

සිල් සුවඳ පිරූ සිත
ගුණ සුවඳ දැනේ මට
පන්සලක් වගේ අම්මේ
සා දුකින් පෙලෙන සඳ
කිරි පොවා කඳුළු හෙලු
නුඹ නිවන් දකින් අම්මේ

අජන්තා නාකන්දල
රඹුකන සිද්ධාර්ථ හිමි
?????

 ගීතය අසා රස විඳින්න
 

1 comment:

  1. සුන් රස ගීත ගොරතර හඩින් දෙකන් විඩාවට පත් කරනකොට,හෙළ ගීතයේ අරුත් රසය වෙනුවෙන් නුඹ දරන ප්‍රයත්නයට ආසිරි!...

    ReplyDelete