Sunday, June 14, 2009

ලඳු ඕවිටි කලල් මතින්

ලඳු ඕවිටි කලල් මතින් සුසුම් ගඟක් ගලනවා
බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා
අලුත් පාර හැදෙනවා

හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා
පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
දූවිලි මද පවන් හමා ගිමන් නිවනවා
දෑතේ කර ගැට දෙතොලට පවන් සලනවා

අපේ ශ්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා
රන් දහදිය තාර වෙලා උඩින් ගලනවා
මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා
පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා

එඩ්වඩ් ජයකොඩි
කුමරදාස සපුතන්ත්‍රි
රෝහණ වීරසිංහ
 
 ගීතය අසා රස විඳින්න
 

1 comment:

  1. අප චිරාත් කාලයක් රස විඳි සහ තවත් අප‍්‍රමාණ අනාගතයක් උරුම අපගේ මනරම් සිංහල ගී පද මාලා මෙලෙස අන්තර්ජාල ගත කිරීම එම ක්ෂේත‍්‍රයට කරන්නාවූ ඉමහත් සේවයක් මෙන්ම ගී රසවතුන්ට කරන දානයක් ද වෙ.

    ඔබගේ මෙ වෑයම සියළු කල්හි සාර්ථක වෙවා යන පැතුම මෙහි සටහන් කරමි.

    ReplyDelete