Saturday, June 27, 2009

මොනවද අම්මේ අකුරු ජාතියක්

මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා

පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
වනන්තරේ හරි වැඩ කෙරෙතී
බෝසත්වරු බණ කතා කියද්දී
වන දෙවඟනො මල් වල ලියතී


මේ වගෙ ලස්සන පාට අපට නෑ
කොතැනින් මේවා ගෙන එන්නේ
කොහොමද අම්මේ මේව කියන්නේ
මට නෑ මොකවත් තේරෙන්නේ

ඉර පායන කොට ඉර බැස යන කොට
පාට වළාකුළු ඇත අහසේ

ඒවායින් මේ මල් පැහැ ගන්වයි

ඒව කෙරෙන්නේ හොර රහසේ


අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ
කිචි බිචි ගා මොනවද කියතී
උන් දන්නව ඇති මේ මල් වල ඇති
පුංචි අකුරු නිතරම බලතී

ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
කුරුළු ගීත වල රස මතුවේ

එක එක තාලෙට කියන කියන දේ

මල් කොළ වල තව තව ලියැවේ


බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්
පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ
මල් ද කුරුල්ලන් කොහි යනවා

බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ

මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම

මල් කොළ වලටත් සතුට නැගේ


කිංස්ලි ජයසේකර, ප්‍රිසිලා ඕපාත
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
?????

ගීතය අසා රස විඳින්න

5 comments:

  1. මම කැමතිම සිංදුවක්. ළඟදි Youtube එකෙන් හොයාගෙන බාගත්තා. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ. මෙන්න ලින්ක් එක:
    http://www.youtube.com/watch?v=mNxEYs2nKdo

    ReplyDelete
  2. @තිමීර, මගෙත්!

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පුංචි දරුවන්ට ස්වභාව සෞන්ධර්යට ආදරය කරන්න අනිවාර්යෙන්ම මේ ගීය කුඩා කාලෙදිම අහන්න සලස්වන්න ඕන කියන එකයි මගේ හැගීම. . . !

    ReplyDelete
  5. මේ ගීතයම ඇති සැබෑ බුද්ධ දේශය හදුනාගන්න. මැයි මාසේ පරිසරය මොනවාගේද?

    ReplyDelete