Saturday, June 27, 2009

පිපුණු මලේ රුව

පිපුණු මලේ රුව එ මල දනී දෝ
මලකි දුවේ උඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා

කටු මැටි බිත්තිය හැඩ කර අඳිනා
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් හිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ ඇස නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතලන් හිත මා ආදර දියණියනේ
පාළු කරට නුඹෙ ඇස නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

නන්දා මාලිනී
ලූෂන් බුලත්සිංහල
පී. ඩන්ස්ටන් ද සිල්වා

 ගීතය අසා රස විඳින්න

No comments:

Post a Comment