Sunday, August 23, 2009

ආත්ම ගණනක සිතුවිලි අතරේ

ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නෑ දුටුවේ
අප දෙ අතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ

සඳවත පායන රෑ කල අහසේ
කැලතී කැලතී සිත් යහනේ
මහද ඇඳෙන්නේ ඒ ඔබෙ රූපෙද
පාළුව තනිකම පටලාලා

මිනිසත් භාවය මා නොලදී නම්
පියඹා එනවා සුවඳ දිගේ
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවනද ඔබෙ ප්‍රේමේ

ශ්‍රීමතී තිලකරත්න
?????
?????

ගීතය අසා රස විඳින්න

1 comment:

  1. පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය සරත් බාලසූරිය

    ReplyDelete