Sunday, August 2, 2009

වනන්තරේ මහ රූස්ස ගහ කොළ

වනන්තරේ මහ රූස්ස ගහ කොළ
බිමට සමතලා කර අම්මේ
රාස්සයි වගෙ යන්ත්‍ර සූත්තර
මහ සද්දෙන් යනවා අම්මේ
සිමෙන්ති කළු ගල් ලොරි පිට පටවා
වේල්ල බඳිනා හැටි අම්මේ
බලාන ඉන්නට දවසක නුඹවත්
එක්කරගෙන එන්නං අම්මේ

බින්තැන්නේ මම දහ දුක් විඳලා එදා ගමට ආදා අම්මේ
උඹේ අතින් මගෙ දෑතේ කර ගැට අත ගාලා නාඬන් අම්මේ
මහියංගනයේ හේවිසියේ හඬ හැන්දෑවට ඇහුණම අම්මේ
සිල් අරගෙන උඹ ඉන්නා තාලේ අනේ මතක් වෙනවා අම්මේ

වත්ත පහළ පොල් අතු අහුලන්නට උදෙන්ම යන්න එපා අම්මේ
උදේ රැයින් ඔය පිනි බාලා උඹ ලෙඩා දුකා වෙයි මගෙ අම්මේ
ගිනි මද්දහනේ බැරි බැරි ගානේ ගම්මැද්දේ නොගිහින් අම්මේ
රැයක් නෑර මට හීනෙන් පෙනි පෙනි මං එනතුරු ඉඳහන් අම්මේ

විජය කුමාරතුංග
අජන්තා රණසිංහ
එච්. එම්. ජයවර්ධන

 ගීතය අසා රස විඳින්න

No comments:

Post a Comment