Sunday, August 2, 2009

ඉවාන් පවුලූෂා

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද

ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

අප්සරා ද සිල්වා
චාරුක සුරවීර
ප්‍රියන්ත ඩිරෙක්ස්

ගීතය අසා රස විඳින්න

5 comments:

  1. මේ.. නැද්ද මේ සිංදුවේ mp3 එකක් එහෙම?
    තියෙනවනං දෙන්නකෝ..

    ReplyDelete
  2. niyama sinduwa . . . mama maaara asai mekata . . . !

    ReplyDelete
  3. ලස්සන සින්දුවක්. youtube එකෙත් හොයාගන්න බෑ. mp3 එකක් තියෙනම් upload කරනවද?

    ReplyDelete
  4. Mata mataka widihata 1995 wala ape campus eke (UOC) Mass Media + Sinhala dept. eka sahayogeewa kala nirmaanayak!
    e kaalenam patta aathal sinduwa!
    mage campus fantasy eka buidup kala geetayak.

    ReplyDelete
  5. මේ තියෙන්නේ youtube එකේ‍‍‍...

    http://www.youtube.com/watch?v=TRewRYxOYmw

    ReplyDelete