Sunday, August 9, 2009

සෙනෙහස රන් සිංහාසන

සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා
මතු සක්විති රජෙක් මගේ උකුලෙ නිදනවා

සුවඳ හැමූ යහන් ගැබේ සෙමෙර සලනවා
වෙසක් මහේ මලක් වගේ කුමරු නිදනවා
කිඹුල්වතින් එන පවනේ සුවය දැනෙනවා
පිනැති පුතුන් උපන් රටට ඉසුරු පිරෙනවා

මධු ගංගා දෙතොල් අතර හැපී බිඳෙන්නේ
රුවන් පුළුන් වළා විමන් මත දැවටෙන්නේ
පොකුරු පොකුරු මල් ගෙන සුර සේනා එන්නේ
මෙවන් සිහින් දැකලාදෝ පුතු හිනැහෙන්නේ

ත්‍යාගා එන්. එඩ්වඩ්
ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
දයරත්න රණතුංග

 ගීතය අසා රස විඳින්න

3 comments:

  1. මගේ ආසම ගීතයක් . . . මම දවසක මේ ගීතය ගැන බ්ලොග් සටහනක් ලියන්න ඕන කිය කිය සිතමින් සිටියා . . . !

    ප්‍රජාපතී ගෝතමියගේ උදාර මෙහෙවර අගය කරල ලියවුනු එකම දෙය මේ ගීතය පමනක්දෝ කියා සිතෙනවා මට . . .

    ReplyDelete
  2. මේකෙ mp3 එක තියනවද?

    ReplyDelete
  3. හරිම ලස්සනයි

    ReplyDelete