Thursday, August 6, 2009

සූ සැට බරණින් සැරසීලා

සූ සැට බරණින් සැරසීලා
නා කපනා වැහි වැටෙන වෙලේ
විසාකා තොමෝ පැමිණි විලාසෙන්
මට එන්නට බෑ නිසංසලේ

පමා වුණෝතින් මන්දාරම් යකු
පලාපු දර ටික තෙමා දමාවී
පමා වුණෝතින් රත්තියි පැටියයි
ඕවිට අයිනේ තෙමී නහීවී

පමා වුණොත් දොළ දෙගොඩ තලාලා
ඒ දඬු මංකඩ අගුළු දමාවී
එහෙම වුණෝතින් උපුලියි චූටියි
කඳුළු වතුර බී බලා හිදීවී

නීලා වික්‍රමසිංහ
ජයරත්න ගමගේ
වික්ටර් රත්නායක

ගීතය අසා රස විඳින්න

1 comment:

  1. ඉතා සංවේදී ගීතයක්. මේක කියවන කොට මට මගේ අම්මා සිහිවෙනවා.

    ReplyDelete