Thursday, August 6, 2009

ඉස්සර මං ගිය පාසල ඇරිලා

ඉස්සර මං ගිය පාසල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනි වී එනවා

ගහකොල සෙලැවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැල
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුණා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳී මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුස ගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ

පොත් පිටු අතරේ නොරැඳුණු දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැගුවා
ඔහුට මුවා වී පාසල් යන්නේ
මා දැයි නිකමට මට හිතුනා

සුනිල් එදිරිසිංහ
?????
?????

2 comments:

  1. ෂා . . නියමයි . .

    ඇත්තෙන්ම මම මේ ගීතය ගැන බ්ලොග් පෝස්ට් එකකුත් ලියන්නයි හිතාගෙන හිටියේ . . .

    මේ ගීතය මගේ ජීවිතයට එතරම්ම සමීපයි . . . ඔහු පවසන ලෙසට මටත් හිතෙනවා ඒ කියන ගම් දරුවා මමයි . . . ඔහුට මුවාවී පාසැල් යන්නේ මමයි කියලා. . . .

    හරිම සංවේදී ගීතයක් මටනම් . . . නෙතට කඳුල නංවන්න හැකි තරම් සංවේදීයි . . . !

    ස්තූත්යි මේක ලියා පල කලාට . . .

    ReplyDelete
  2. ලස්සනම සින්දුවක්, මං ආසම

    ඔබට පුළුවන්නම් ටී.එම්.ජයරත්න මහතාගේ පහත සිංදුව හා එම කැසට් පටයේ අනෙත් සිංදු ගැනත් ලියන්න

    "මගේ අසරන ලෝකයේ ඔබ එක්ම සිතිවිල්ලයි
    එවන් සිතිවිලි දිලිදු හදකට එකම සැනසිල්ලයි"

    ReplyDelete