Saturday, August 15, 2009

පූජාසනයේ ඔබ හිඳුවා

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා

ඉසුරින් කිත් යසසින් බබළනදා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණුදා
සිනාසුණත් එය වරදක් වේ

කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ

නන්දා මාලිනී
සුනිල් ආරියරත්න
?????

 ගීතය අසා රස විඳින්න

1 comment:

  1. මගේ ප්‍රියතම ගීතයක්
    මේ‍කෙ තේරුම අපේ අම්මා මට පොඩි කාලෙ කියල දු‍න්නෙ. ඒ කාලෙ කෙසේ වෙතත් දැන් නම් කොච්චර වටින තේරුමක් තියෙන සින්දුවක් ද කියල හිතෙනවා.

    ReplyDelete