Friday, August 14, 2009

එන්න මදනලේ

එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා දෑස ඈගෙ රතු වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
එන්න මදනලේ….. එන්න මදනලේ…..

ශෝක පණිවුඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝ දූතයා කළා
මට කොයින්ද එම වළා ආමි සුළඟෙ ඔබ බලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා

එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා දෑස ඈගෙ රතු වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
එන්න මදනලේ….. එන්න මදනලේ…..

සංදේශයකින් යවන්න මෙදුක උන් අතේ
ආ….. ආ….. ආ…..
සංදේශයකින් යවන්න මෙදුක උන් අතේ
හංස ගිරා ළිහිණි කොවුල් කුරුල්ලන් නැතේ
සුළඟේ මා අසරණයි මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි

එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ
එන්න මදනලේ….. එන්න මදනලේ…..

තිලකසිරි ප්‍රනාන්දු
කරුණාරත්න අබේසේකර
?????

 ගීතය අසා රස විඳින්න

2 comments:

  1. මචෝ මේ සින්දුව බාගන්ඩ විදියක් කියනවද?

    ReplyDelete
  2. ගායනය - ශාන්ති ගීතදේව

    තවත් තාලෙකට පස්සෙ සනත් නන්දසිරි මහත්මයාත් ගායනා කරලා තියෙනවා

    ReplyDelete