Friday, November 27, 2009

පෙරදා මහ රෑ

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ
මුහුණ හොවා ගෙන ලසොවින් වැළපුණ
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුලක කැලැලක් ඉතිරි වෙලා
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ

උරහිස තැවරී වියළුණු කඳුලෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ

ඔබ හට පෙම් කළ යුගය නිමා කර
වෙන්වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬලේ

නන්දා මාලිනී
සුනිල් ආරියරත්න
?????
ගීතය අසා රස විඳින්න

1 comment:

  1. මේ සිංදුවෙ "ඔබ හට පෙම් කළ යුගය නිමා කර" කියන කොටස අන්තර් ජාලයෙ සෙව්වම මේ බ්ලොග් එක හම්බ උනා. මේ විදිහට සිංදු වලටත් සිංහල භෂාවටත් තැනක් දෙන එකට බොහොම පිං...

    ReplyDelete