Sunday, December 20, 2009

ඉපනැලිද දඟයි දෙනිපෙතද සැලෙයි

ඉපනැලිද දඟයි දෙනිපෙතද සැලෙයි
ගම් දොර සැමරුම් හමුවේ
මගෙ වෙහෙර නුඹයි අත නෙළුමක් වෙයි
පිදුමට පින් මදිද සිතෙයි

මේ ගමන දුරයි නුඹ තරු ලකුණයි
එළියෙන් දරුවන් සැනහෙයි
නුඹ මවක වගෙයි හිත බැතිබර වෙයි
ඉන් මගෙ දෑසම බොඳවෙයි

නොදැමුනු සුළඟේ ඇයි නා මල සසල කළේ
නා මලම තමා සැඩ සුළඟද නතර කළේ
සසරේ පසු පස එන තැවුලද උරුම වුණේ
එය තැවුලක් නොව එක මොහොතකි සසර මගේ

මගෙ වෙහෙර නුඹයි අත නෙළුමක් වෙයි
පිදුමට පින් මදිද සිතෙයි
නුඹ මවක වගෙයි සිත බැතිබර වෙයි
ඉන් මගෙ දෑසම බොඳවෙයි

නන්දා මාලිනී,සුනිල් එදිරිසිංහ,රෝහණ වීරසිංහ
බන්ධුල නනායක්කාරවසම්
රෝහණ වීරසිංහ
(අඹු දරුවෝ ටෙලි නා ට්‍යය)

2 comments:

  1. ඉතාමත් අනර්ග උත්සහයකි... සිංහල ඇසුරැ කරන්නන් හට ඉතා ප්‍රයෝජනවත් තැනකි.... සුභ පැතුම්....

    ReplyDelete
  2. සර් මෙකෙ සිංදුව දාන්න....download කරන්න පුලුවන් විදිහට...

    ReplyDelete