සූ සැට බරණින් සැරසීලා
නා කපනා වැහි වැටෙන වෙලේ
විසාකා තොමෝ පැමිණි විලාසෙන්
මට එන්නට බෑ නිසංසලේ
පමා වුණෝතින් මන්දාරම් යකු
පලාපු දර ටික තෙමා දමාවී
පමා වුණෝතින් රත්තියි පැටියයි
ඕවිට අයිනේ තෙමී නහීවී
පමා වුණොත් දොළ දෙගොඩ තලාලා
ඒ දඬු මංකඩ අගුළු දමාවී
එහෙම වුණෝතින් උපුලියි චූටියි
කඳුළු වතුර බී බලා හිදීවී
නීලා වික්‍රමසිංහ
ජයරත්න ගමගේ
වික්ටර් රත්නායක
ගීතය අසා රස විඳින්න
ඉතා සංවේදී ගීතයක්. මේක කියවන කොට මට මගේ අම්මා සිහිවෙනවා.
ReplyDelete