උත්සාහය උක් දණ්ඩක් වැන්නේ
වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ
එහි රසයෙන් සිත සැනසී යන්නේ
අලස කටේ දිව එය නැහැ දන්නේ
පැනයක් දුටු කල එය විසඳන්නා
එඩිතර සිතකින් එය පිළිගන්නා
එලෙස නොකර සකි ඉවත දුවන්නා
පැනය විසින් මහ වහලකු වන්නා
අපට කුමටද ගොස් නොරට සිඟන්නේ
අපේ ඉසුරු මව් පොළොවෙ තැවෙන්නේ
ඒවා ඉල්ලා වෙහෙස වෙයන්නේ
එවිට නොවේදෝ නොවහල් වන්නේ
සිංහල පාරක ගමන් නොගත්තේ
සිංහල පැදුරක නිදා නොගත්තේ
සිංහල ගඟ දිය සිහිල නොදත්තේ
එවන් කෙනෙකුගේ කුමක්ද තත්ත්වේ
චන්ද්‍රිකා සිරිවර්ධන
?????
?????
ගීතය අසා රස විඳින්න
No comments:
Post a Comment