Wednesday, October 7, 2009

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ

වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
පිය රජු සෙවනේ උන්නේ

බලන්න දෙටු පුත මේ දිය තලයම
කෙත් වතු සාර කරන්නේ
මට ඇති වස්තුව මත ඇති සම්පත
මේ නිල් දිය කඳ වන්නේ

හිටුවා පස් ගස්වා මා මැරුමට
කවුරුද පුතු සිත බින්දේ
මා මළ පසු පුත මිහිදන් කළ මැන
කලා වැවේ වැව් කන්දේ
මගේ කලා වැව සදා රකිනු මැන
අවුකන පිළිම සමින්දේ

ඇන්ටන් රුද්‍රිගු
?????
?????
 ගීතය අසා රස විඳින්න

3 comments:

  1. maxaaaaaa සින්දුව....

    ReplyDelete
  2. දාපන් කොල්ලො 5ක්!

    ReplyDelete
  3. අහන්න,පුලුවන් ,රසවිදින්න පුලුවන් අර්ථවත් ගීතයක්......................

    ReplyDelete