කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ මෙමා
හුරේ කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා
මගේ පැළට නුඹ කැන්දං පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ලමැද වසා ගනිං කියා
මගේ අතින් දුන් සළුවෙන් ලමැද වසා ගියා
රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා
ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී
සුනිල් එදිරිසිංහ
ධර්මසිරි ගමගේ
?????
ගීතය අසා රස විඳින්න
මේ ගීතයේ සංගීතය වික්ටර් රත්නායකයන්ගේ. මමත් කැමතිම ගීතයක්.
ReplyDeleteකුඩා ගමේ මද්දහනේ අව් රස්නේ නිවා
ReplyDeleteහුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
ආල වඩන යන තේරුම බෝසත් කම සකී
ReplyDelete