සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුවරැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ
නීල කොබෝ රෑන ගිරා
පිල් විදහා රඟනා මොණරා
කට ඇද කිරළා සහ වලි කුකුළා
හොට දිග පිළිහුඬුවා
අප දැකලා බිය වැදිලා තරගෙට හඬ නැගුවා
කොළ දිවියා රළු කොටියා
කපටි රජා නම් ලද හිවලා
විසකුරු පොළඟා මිනි කන කිඹුලා
පොතුහැර කබරගොයා
රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා
සී. ටී. ප්‍රනාන්දු, ලතා වල්පොල
සරත් විමලවීර
සී. ටී. ප්‍රනාන්දු
ගීතය අසා රස විඳින්න
මා ආසම සින්දුවක් මේක!
ReplyDeleteමේ post එකට අවුරුදු හතරක් ගෙවී ගිය වෙලාවෙ හරි මේක බලන කෙනෙකුට කියන්න වැදගත් කාරණයක් තියෙනවා. එනම් අපි අන්තර්ජාලයේ කරණ පළකිරීම් හී නිවැරදිතාව ගැන සැලකිලිමත් විය යුතුය යන්නයි. අත් වැරැද්දකින් ඇතුළත් වන සාවද්‍ය තොරතුරක් පසු කලෙක අවුල් ඇතිකරන්නට හේතුවේ. සිංහල ගීය සම්බන්ධයෙන් එවැනි අවුල් රැසක් ඇතිවී තිබේ. පලකිරීම් වල වැරදි නිසා හටගන්නා අවුල් බොහොමයකට හේතුව නම් පළකිරීම් සම්බන්ධයෙන් අප ආචාර ධර්ම වල නොපිහිටා කටයුතු කිරීමත්, වගකීමෙන් තොරව කටයුතු කිරීමත්ය.
ReplyDeleteදැන් මෙහි පද රචකයා ලෙස සිරිසේන විමලවීර යැයි සඳහන්ව ඇත්තේ වැරදීමකින් වන්නට හැක. වගකීමෙන් කටයුතු කළා නම් ඒ වැරැද්ද සිද්ධ වන්නේ නැත. මෙය සරත් විමලවීර (ආනන්ද සරත් විමලවීර) ලෙස නිවැරදි විය යුතුය.
Oshada
Deleteමේ post එකට අවුරුදු හතරක් ගෙවී ගිය වෙලාවෙ හරි මේක බලන කෙනෙකුට කියන්න වැදගත් කාරණයක් තියෙනවා. එනම් අපි අන්තර්ජාලයේ කරණ පළකිරීම් හී නිවැරදිතාව ගැන සැලකිලිමත් විය යුතුය යන්නයි. අත් වැරැද්දකින් ඇතුළත් වන සාවද්‍ය තොරතුරක් පසු කලෙක අවුල් ඇතිකරන්නට හේතුවේ. සිංහල ගීය සම්බන්ධයෙන් එවැනි අවුල් රැසක් ඇතිවී තිබේ. පලකිරීම් වල වැරදි නිසා හටගන්නා අවුල් බොහොමයකට හේතුව පළකිරීම් සම්බන්ධයෙන් අප ආචාර ධර්ම වල පිහිටා කටයුතු කිරීමත් වගකීමෙන් තොරව කටයුතු කිරීමත්ය.
ReplyDeleteදැන් මෙහි පද රචකයා ලෙස සිරිසේන විමලවීර යැයි සඳහන්ව ඇත්තේ වැරදීමකින් වන්නට හැක. වගකීමෙන් කටයුතු කළා නම් ඒ වැරැද්ද සිද්ධ වන්නේ නැත. මෙය සරත් විමලවීර (ආනන්ද සරත් විමලවීර) ලෙස නිවැරදි විය යුතුය.
ස්තුතියි.
Deleteනිවැරදි කළා.