මා නෙත් කැදැල්ලේ
සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ
හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී
පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා
බඹර තුඩු ගා නැතී
කුමුදු මලකින් පෙතී
ගෙනෙමි දුර ඈත විලකින් බලා
ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නාදල්ලෙනී
සුවඳ උලා
අරුණ පිනි බිංදුවයි
පියුමෙ මකරන්දයයි
පොවමි මේකුළක කලතා නිවා
ඉන් මතු කිසිදාක යන්නෙහිද හද රන් ලෙනේ
පහන නිවා
මිල්ටන් මල්ලවාරච්චි
කරුණාරත්න අබේසේකර
?????
ගීතය අසා රස විඳින්න
"ශ්‍රී සම්බුද්ධ රාජා වදිම්" ගීතය පද රචකයාගේ නම ද සමග පළ කරන්නේ නම් ඉතා අගය කොට සලකමි.ස්තූතියි.
ReplyDeleteඔබේ උත්සාහය අගය කරමි. ඔබේ දැන ගැනීම සඳහා මවිසින්
ReplyDeleteපවත්වා ගෙන යන 'ලංකා ගී පොත' (www.LankaSongBook.com)
වෙබ් අඩවිය වෙත ඔබ රැගෙන යාමට කැමැත්තෙමි. ඔබ කැමති
ගී බොහොමයක් මගේ එකතුවේ ඇති බව දකිමි.