Friday, July 31, 2009

කුඩා ගමේ මද්දහනේ

කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ මෙමා
හුරේ කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා

මගේ පැළට නුඹ කැන්දං පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ලමැද වසා ගනිං කියා
මගේ අතින් දුන් සළුවෙන් ලමැද වසා ගියා
රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී

සුනිල් එදිරිසිංහ
ධර්මසිරි ගමගේ
?????

 ගීතය අසා රස විඳින්න

සැළලිහිණි කොවුල් හඬ

සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුවරැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ

නීල කොබෝ රෑන ගිරා
පිල් විදහා රඟනා මොණරා
කට ඇද කිරළා සහ වලි කුකුළා
හොට දිග පිළිහුඬුවා
අප දැකලා බිය වැදිලා තරගෙට හඬ නැගුවා

කොළ දිවියා රළු කොටියා
කපටි රජා නම් ලද හිවලා
විසකුරු පොළඟා මිනි කන කිඹුලා
පොතුහැර කබරගොයා
රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා

සී. ටී. ප්‍රනාන්දු, ලතා වල්පොල
සරත් විමලවීර
සී. ටී. ප්‍රනාන්දු

 ගීතය අසා රස විඳින්න

පෙම් රැහැනින් මා වෙලන්න

පෙම් රැහැනින් මා වෙලන්න
ඔබෙ සෙවණේ මට හිඳින්න
මම ආසයි ඔබත් සමග
මේ දිවි මග එකට යන්න

මගෙ ආදර විල් ජලයේ
නිල් මානෙල් මලක් වෙන්න
රේණු සලා මල් මුවරද
සිහිල් දියට එක් කරන්න

මම රැය නම් ඔබ පුරහඳ
සිත් අහසේ නැගී එන්න
සඳ සිහිලේ තැවුල් නිවා
රැයත් සමග ගෙවී යන්න

අජන්තා නාකන්දල
මහින්ද දිසානායක
එච්. එම්. ජයවර්ධන

 ගීතය අසා රස විඳින්න

Thursday, July 30, 2009

සුවඳ මල් රේණු පිස එන


සුවඳ මල් රේණු පිස එන
හාදු දෙන සිහිල් මද නල
නුඹට සමානා
කුරුළු තුඩු අගින් ගිලිහෙන
මිහිරි මියුරු ගී පදවැල
නුඹේ සිනාවා

සීත පිණි වතුල සඳවත
මොදු වී නිශා නුබ ගැබ
අඳුර මකාවා
නීල විල් දියේ උපදින
කොඳ මලක සුමුදු දළ පෙති
කොපුල් තලාවා

අරුණු දොරකඩින් නැග එන
උදා හිරු කිරණ හදවත
පුබුදු කරාවා
නොබා කරළියට දිව යන
හදට පණ පොවන උල්පත
නුඹේ සිනාවා

ඉමාන් පෙරේරා
යසනාත් ධම්මික බණ්ඩාර
නවරතන ගමගේ

ගීතය අසා රස විඳින්න

ආදර හැඟුම්

ආදර හැඟුම්
ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි
ඒ හැඟුම්
ආදර හැඟුම්

කිති කවයි හද කිතිකවයි
ඒ හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

සැඳෑ අදුරේ සැලෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
නැගෙන ගණඳුර වඩයි සිතුවිලි
මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි
ආදර හැඟුම්
ආදර හැඟුම්

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නො ඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුලෙ බමරුන් නොවෙද ඉන්නේ

ආදර හැඟුම්
ආදර හැඟුම්
ආදර හැඟුම්

අමරදේව
දයානන්ද ගුණවර්ධන
?????
(බක්මහ දීගේ චිත්‍රපටය)

 ගීතය අසා රස විඳින්න

බිංදු බිංදු මල් වැස්සේ

බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී

ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා
දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී

නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් ඉපෙනවා
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා

ආල හැඟුම් මං හින්දා.....

ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා

බිංදු බිංදු මල් වැස්සේ.....
ආල හැඟුම් මං හින්දා.....

එඩ්වඩ් ජයකොඩි, නන්දා පතිරණ
?????
?????

 ගීතය අසා රස විඳින්න

Monday, July 27, 2009

සුවඳයි මල් සුවඳ සේ

සුවඳයි මල් සුවඳ සේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ

මල් පියලි විසිරෙයි වනේ
රොන් සුවඳ සුළඟට දැනේ
නැහැ පුඩුව සිනිඳුයි ඒ සුවඳ පුරුදුයි
මල් කැකුළු පූදින්න වාගේ

දිය කඩිති නිල් බර වුණේ
පොඩි තිත්ත පැටවුන්ටනේ
අල්ලන්න ආසයි උන් එක්ක යාළුයි
පීනන්න දිය කඩිති ගානේ

සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි
ලූෂන් බුලත්සිංහල
ප්‍රේමසිරි කේමදාස
(ඇසළ කළුවර ටෙලි නාට්‍යය)

ගීතය අසා රස විඳින්න