Friday, January 22, 2010

වනස්පති වෙවී වනයට

වනස්පති වෙවී වනයට
සියක් කල් වසක් පසු කොට
දරා කිත් යසස් අපමණ හිඳිනු බෑ සකී
මිණි කිරුළ බිඳ නැගී වනපෙත
දමා බිම කැඩුණු අසිපත
දිනක් එනු ඇතී මල් බර වසන්තය සැදී

ස‍ඳෙන් සඳ ගෙවී මහළුව දිරා යන රුවන් සිහසුන
අරා හිස වදුල මුව මුතු පබළු වැල් බැඳී
පතා යළි කිරුළ නව නළු රසින් රස බිඳී

විලක් සේ පිරෙන ගුණ නැණ ගඟක් වී ගලා යන දින
පැතුම් පෙති දෙපෙති වී මග බලාගෙන හිඳී
පිපෙයි යව්වනය සියපත සියක් වී බැඳී

කරුණාරත්න විජේවර්ධන
කුමාර ලියනගේ
කරුණාරත්න විජේවර්ධන
 ගීතය අසා රස විඳින්න


No comments:

Post a Comment