Sunday, January 31, 2010

මේං අපේ ඉස්කෝලේ

මේං අපේ ඉස්කෝලේ
රාං රුවයි ‍රැස් මාලේ
රෑන් පිටින් අපි ආවේ
පාන් වැටක සිරියාවේ

වැස්සට ගඟ ආවත් පන්ති වලට
අව්වට ඉර වැ‍ටුණත් හිස් මුදුනට
වෙඩි පිට වෙඩි ඇහුණත් පැයෙන් පැයට
අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට

කුඹුරේ වැඩ තිබුණත් යලට මහට
එනවා හැමදාමත් පන්ති වලට
ඩෙස් පු‍ටු බංකු නැතත් ඉඳ ගන්නට
අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට

ලස්සන සාරි නැතත් ටීචර්ලට
මූණට එළිය ඇවිත් පිං පාටට
කැන්දන් යන්න අපිව හෙට ලෝකෙට
අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට

ප්‍රදීපා ධර්මදාස
?????
????? 
 ගීතය අසා රස විඳින්න


No comments:

Post a Comment