Sunday, March 3, 2013

දිය ගොඩ හැම තැනැ කිරි ඉතිරේ (හඳපානේ රෑ යාමේ)

දිය ගොඩ හැම තැනැ කිරි ඉතිරේ
ගස් වැල් කිරි මුහුදේ කිමිදේ
මද මුදු සුළඟින් අප නැලැවෙන්නේ

බැබැළෙන හඳපානේ
හඳපානේ හඳපානේ හඳපානේ රෑ යාමේ

මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
දෝත නගා මහ ඉහළ බලා
අම්බිලියෝ කියමින් නැලැවෙන්නේ
බැබැළෙන හඳපානේ
හඳපානේ හඳපානේ හඳපානේ රෑ යාමේ

දිය මතු පිට කිරි ‍රැල්ල නැගේ
ඔරුවෙක් තනිවී ඈත පෙනේ
හෝ ගා මුහුදේ ‍රැල්ල බි‍ඳෙන්නේ
බැබැළෙන හඳපානේ
හඳපානේ හඳපානේ හඳපානේ රෑ යාමේ

වවුලන්ගේ බකමූණන්ගේ
නාදේ ඉඳහිට මටද ඇසේ
අඳුර සොයාලා මුළුගැන්නෙන්නා
බැබැළෙන හඳපානේ
හඳපානේ හඳපානේ හඳපානේ රෑ යාමේ

සුනිල් ශාන්ත
?????
සුනිල් ශාන්ත


2 comments:

  1. තනු නිර්මාණය : ඇල්බට් පෙරේරා
    ගායනය : සුනිල් ශාන්ත

    ReplyDelete
  2. mula kathru: Alau Isi Sabihela

    ReplyDelete