අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි
පාළු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල් පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි
තුරු හිස සිඹ සිඹ වැද මද නළ
මුමුණන විට ගී සවනට
අපි ඇල් හේනේ පැල් මැස්සේ
ගැයූ ගීත එයි සවනට
හිත වාවනු බැරි වී එන්නට
හිතුනත් ආපසු ගම රට
හෙට අදට වඩා හොඳ වේ යැයි
කොඳුරයි රහසින් යටි සිත
අග හිඟ මාලය ගෙල ලා ගෙන
දුක විඳින්න බැරි හින්දම
මට වෙස්සන්තර රජු වාගේ
දරු දන්දෙනු බැරි හින්දම
පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
උන් හැටි සිහියට අරගෙන
හොඳ පරිස්සමින් මං එනතුරු
ඉන්නවා නේද මගෙ රන් කඳ
සේනානායක වෙරලියද්ද
නන්දා උඩවත්ත
ජානක ෆොන්සේකා
ගීතය අසා රස විඳින්න
මේ සින්දුව කලින් අහලා තිබුනත් මේ තරම් සමීප බව දැනුනෙ අද. ඩවුන්ලොඩ් කරල අයෙත් ඇහුව.
ReplyDelete