මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා
පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
වනන්තරේ හරි වැඩ කෙරෙතී
බෝසත්වරු බණ කතා කියද්දී
වන දෙවඟනො මල් වල ලියතී
මේ වගෙ ලස්සන පාට අපට නෑ
කොතැනින් මේවා ගෙන එන්නේ
කොහොමද අම්මේ මේව කියන්නේ
මට නෑ මොකවත් තේරෙන්නේ
ඉර පායන කොට ඉර බැස යන කොට
පාට වළාකුළු ඇත අහසේ
ඒවායින් මේ මල් පැහැ ගන්වයි
ඒව කෙරෙන්නේ හොර රහසේ
අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ
කිචි බිචි ගා මොනවද කියතී
උන් දන්නව ඇති මේ මල් වල ඇති
පුංචි අකුරු නිතරම බලතී
ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
කුරුළු ගීත වල රස මතුවේ
එක එක තාලෙට කියන කියන දේ
මල් කොළ වල තව තව ලියැවේ
බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්
පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ
මල් ද කුරුල්ලන් කොහි යනවා
බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ
මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම
මල් කොළ වලටත් සතුට නැගේ
කිංස්ලි ජයසේකර, ප්‍රිසිලා ඕපාත
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
?????
ගීතය අසා රස විඳින්න
මම කැමතිම සිංදුවක්. ළඟදි Youtube එකෙන් හොයාගෙන බාගත්තා. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ. මෙන්න ලින්ක් එක:
ReplyDeletehttp://www.youtube.com/watch?v=mNxEYs2nKdo
@තිමීර, මගෙත්!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපුංචි දරුවන්ට ස්වභාව සෞන්ධර්යට ආදරය කරන්න අනිවාර්යෙන්ම මේ ගීය කුඩා කාලෙදිම අහන්න සලස්වන්න ඕන කියන එකයි මගේ හැගීම. . . !
ReplyDeleteමේ ගීතයම ඇති සැබෑ බුද්ධ දේශය හදුනාගන්න. මැයි මාසේ පරිසරය මොනවාගේද?
ReplyDelete