Sunday, August 7, 2011

ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි

ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
අනුන් සෙට උදෙසා තමන් සුව නොතකා
දිවිය කැපකල උතුම් මිනිසුනි
මිනිස්කම නම් කිමැයි කියාදෙන්නේ ඔබයි

ඉසුරු සුව රස පහස හැරදා
ක‍ටුක දුක රුපු ගැහැට වළඳා
සියල් සත වෙත පතල කුළුණින්
ලොව පහන් පියසක් කරන්නට
ජීවිතය පුද දුන්
ඒ උතුම් මිනිසුන්

පෙලෙන සිත් තුළ නැගෙන සුසුමන්
දැවෙන නෙත් අග කෙවෙන කඳුලැල්
දැනී කම්පිත සිතින් නැගෙමින්
මිනිස් මහිමය හෙළි කරන්නට
ඥානනය ලැබ දුන්
ඒ උතුම් මිනිසුන්

සුනිල් එදිරිසිංහ
?????
?????
ගීතය අසා රස විඳින්න

No comments:

Post a Comment